සුනඛ පැටවුන්ට මරු කැඳවූ කාන්තාවට ඇප

පදියපැළැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී බලු මවකගේ ආදරණීය පුංචි පැටවුන් දෙදෙනකුට මරු කැඳවූ හද සසල කරවන සිදුවීමක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණයවනවා ඔබ දකින්නට ඇති. ෆේස්බුක් ගිණුමේ සැරිසැරුවොත්  මේ මොහොතේදීත් ඔබට එම පුවත දැක ගන්නට ලැබේවි. 


කෙසේ නමුත් රිය අනතුරකින් මිය ගිය මාස දෙකක් පමණ වන තම දරුවන් ලෙස සානුකම්පිතව බලා සිටින බලු මවගේ සහ එලෙස මියගිය පැටවුන් දෙදෙනාගේත් ඡායාරූප සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය කරමින් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියේ ඒ සඳහා සාධාරණයක් ඉටු විය යුතු බවයි. 


මේ සිදුවීම විශේෂ පුවතක් ලෙස ප්‍රචාරය වීමත් සමග මෙලෙස රිය අනතුර සිදු කළ පුද්ගලයා සොයා ඔහුට දඩුවම් කළ යුතු බවට ප්‍රකාශ කරමින් බොහෝ පිරිස් එම රිය අනතුර සම්බන්ධයෙන් වාහන අංකය, සහ ලිපිනය ද ඇතුළත් තොරතුරු පවා සමාජ මාධ්‍ය තුළින් හෙළිකර තිබුණි. 


කෙසේ වෙතත් මේ වන විට සුනඛ පැටවුන් දෙදෙනා යට කළ මෝටර් රථය පැද වූ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව මතුගම පොළිසිය ප්‍රකාශ කරයි. එමෙන්ම සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරිඳක් බවද පැවසෙයි. අදාල සිදුවීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව ගෙන්වා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සත්ව හිංසනයට ප්‍රකාරව 20  වැනිදා අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය වරද පිළිගෙන ඇති අතර මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව වාර්තා වේ.

නයනා උදයංගනී


 

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Previous

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment