සුප්‍රකට නිලි ප්‍රියංකා චෝප්රාගේ දියණියගේ මුහුණ ප්‍රථම වරට සමාජ මාධ්‍යය වෙත.....

 

 

සුප්‍රකට බොලිවුඩ් නිලි ප්‍රියංකා චෝප්රාගේ සහ ඇගේ ආදරණීය සැමියා නික් ජෝනාස් ගේ සුරතල් දියණිය මල්ටි මාරි ගේ මුහුණ පෙන්වන  ඡායාරූප පෙලක් පලමු වරට ප්‍රසිද්ද සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ඔවුන් කටයුතු කර ඇත.

නික් ජෝනාස් සහ ප්‍රියංකා චෝප්රා ඔවුන්ගේ දියණියගේ මුල් කාලයේ ඡායාරූප වලින්  මුහුණ සැඟවූ අතර මෙලෙස පලමු වතාවට සමාජ මාධ්‍ය වෙත ඡායාරූප මුදාහැර ඇත්තේ ජෝනාස් පවුලේ අය සහභාගි වූ උත්සවයකදී බවයි ආරංචි වෙන්නේ.

මේ වන විට අමෙරිකාවේ  වාසය කරන චෝප්රා සහ ජෝනාස් පසුගිය වර්ෂයේ ඔවුන්ට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයින්ව සතුටට පත්කලේ ආදේශක මවු ගැබක් හරහා ඔවුන් දරුවකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බව දන්වා සිටීමෙන්.


කෙසේ නමුත් ඒ පුවත ලොව පුරා ඔවුන්ට ආදරය කරන බොහෝ පිරිසට සතුටට කාරණයක් විය .


නමුත් අවසානයේ බිලිඳිය ඉපදී දින 100ක් යන තුරුත් දැඩිසත්කාර ඒකකයේ රඳවාගැනීමට සිදුවී තිබෙන අතර, මේ පුංචි සුරතලියගේ මුහුණ නම් එතෙක් ඔවුන් සමාජ මාධ්‍යට විවෘත කර තිබුණේ නැහැ. 


නමුත් ඇයගේ මුහුණ දැකීමට ආසාවෙන් සිටී ලොවපුරා බොහෝ රසික රසිකාවියන්ට දැන් ඒ අවස්ථාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

නයනා උදයංගනී


 

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

එයා සිත නිවන භාවනාවක් Read Next

එයා සිත නිවන භාවනාවක්

Realted Post

Leave a comment