සුරතලුන්ටත් ජර්සි අන්දමුද?


මේ දිනවල පවතින අධික සීතල තත්ත්වයෙන් මිනිසුන් වගේම සතුනුත් දැඩි අපහසුතාවට පත්වෙලා. මිනිසුන්ට සීතලෙන් ආරක්ෂා වෙන්න විවිධ උපක්‍රම තිබුණත් සතුන්ට ඔවුන්ට අවශ්‍ය කරන උණුසුම ඇති කරගන්න අපහසුයි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනවල අධික සීතල දරාගැනීමට අපහසු නිසා ගවයින් සහ එළුවන් විශාල ප්‍රමාණයක් මියගිය පුවත් අසන්නට දකින්නට ලැබුණා. 


විශේෂයෙන් වැස්ස, සමග තිබෙන සීතල කාලගුණය නිසා නිවසින් පිටත කූඩුවල ඇති කරන සතුන් පින්නෙන් වැස්සෙන් ද පීඩා විඳින අවස්ථා තිබෙනවා. ඔවුන් සිටින කූඩු ඇතැම් විට තෙමෙනවා වෙන්න පුළුවන්. එම නිසා මේ දිනවල ඔබේ සුරතලාගේ සැප පහසුව සහ ඔවුන්ට අවශ්‍ය උණුසුම ඇතිකිරීම ඔබේ වගකීමක් සේ සැලකිය හැකියි. 


එමෙන්ම තමන්ගේ සුරතලා පමණක් නොව සීතලෙන් පීඩාවිදින අසරණ සතකු දුටුවහොත් ඔවුන් කෙරෙහි හැකි පිළිසරණක් ලබා දීමට කටයුතු කිරීමට උත්සාහ කරන්නත් අමතක කරන්න එපා. 


නයනා උදයංගනී 


         

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Previous

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment