ෆවුසිය කන්ටේනරයේ ගැටේ

අද උදෑසන මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී කන්ටේනරයක් පොල්ගහවෙල සිට රත්මලාන ( ෆවුසිය ) බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුර. 

ඒ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය දැනුම් දෙයි.

කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ - මහනුවර මාර්ගය භාවිත කළ හැකිය.

මේ අතර දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ - මහනුවර මාර්ගයට පිවිසිය හැකිය.

මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ - කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද පොලීසිය දැනුම් දෙයි.

ඡායාරූප - කසුන්

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Next

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

Realted Post

Leave a comment