‘X.B.B.1.5’ ඕමික්‍රෝන් උප ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බිහිසුණු අනතුරු ඇඟවීමක්...

 

කොවිඩ් වෛරසය නිසා අවුරුදු කිහිපයක් ජන ජීවිතයට එල්ල වූ පීඩාකාරී තත්වය ගැන නැවතත් අමුතුවෙන් විස්තර කලයුතු නැත. පසුගිය කාලය වනවිට කොවිඩ් රෝගයෙන් තරමක් හෝ හිස ඔසවා ගැනීමට හැකි වුනත්, යළිත් කොවිඩ් 19 රෝගයේ, අලුතින් පැතිර යන ‘X.B.B.1.5’ ඕමික්‍රෝන් උප ප්‍රභේදය ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.


ඒ අනුව මේ වන විටත් රටවල් ගණනාවක නැවතත් කොවිඩ් 19 වැළඳී ඇති ආසාදිතයන්ගේ ඉහළ නැගීමක් සිදුවී ඇත්තේ ‘X.B.B.1.5’ ඕමික්‍රෝන් උප ප්‍රභේදය නිසා බව විදෙස් මාධ්‍ය පවසයි.


චීන ජනගහණය තුළද සියයට හැත්තෑවකට පමණ කොවිඩ් 19 රෝගය නැවත ආසාදනය වී ඇති අතර එයින් වැඩි පිරිසක් මෙම ඕමික්‍රෝන් උප ප්‍රභේදය වැළඳී ඇති රෝගීන් බවද අනාවරණය කරගෙන තිබේ. එපමණක් නොව තවත් ඕමික්‍රොන් උප ප්‍රභේද තුනක් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

 
චීනය තුළ පමණක් නොව මේවන විට අමෙරිකාවෙන් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් සියයට හතළිහකට පමණත් වැළදී ඇත්තේ ‘X.B.B.1.5’ ඕමික්‍රෝන් උප ප්‍රභේදය බව සඳහන් වේ.
කෙසේ නමුත් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ කොවිඩ් 19 රෝගයට ලබාගත් එන්නත් සහ එය ආසාදනය වී ස්වභාවිකව ඇතිකරන ලද ප්‍රතිශක්තියත් අඩපණ කිරීමට නව ප්‍රභේදයට හැකියාව ඇති බවයි.

නයනා උදයංගනී 


  

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ  වාර්ෂික ඇසළ පෙරහැරට  සුබ  මොහොතින්  පිරිත්  දේශණා කර  කප් සිටුවයි Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට සුබ මොහොතින් පිරිත් දේශණා කර කප් සිටුවයි

මෙහෙවර පැසසුම් Read Next

මෙහෙවර පැසසුම්

Realted Post

Leave a comment