16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේට අවසන් ගෞරව දක්වන්න ලක්ෂ ගණනින් සෙනඟ

 

දහසය වැනි බෙනඩික්ට් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සිය දහස් ගණන් ජනයා වතිකානුවට ඇදී එන බව සඳහන් වේ. ඒ අනුව උදෑසන කාලයේ ආරම්භයත් සමග සාන්ත පීතර චතුරස්‍රය අද්දර ඉතා දිගු පෝලිමක් නිර්මාණය වී තිබේ. 


උන්වහන්සේ මීට දශකයකට පමණ කලින් තමන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පැවිදි පදවියෙන් ඉවත් වී තිබෙන අතර, අනූ පස්වැනි වියේ පසු වූ පාප් වහන්සේ නව වසරට පළමුවැනි දින ස්වර්ගස්ථ වී තිබේ. අසනීප තත්ත්වයක් නිසා 2013 වර්ෂයේ ඉල්ලා අස් වූ බෙනඩික්ට් පාප් වහන්සේ වසර 600කට පසුව ඉල්ලා අස්වූ පළමු පාප් වහන්සේ බවටද ඉතිහාසගත වේ. 


සාම්ප්‍රදායානුකූලව “ස්විස් ගාඩ්” බටයන් දෙදෙනකු දේහය අසල හිඳිමින් ආරක්ෂාව සපයයි.  මේ වන විටත් වතිකානුවේ තැන්පත් කර ඇති පාප් වහන්සේ ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම් සහ ගුණ ගායනා  ලොව නන් දෙසින් ලැබෙමින් පවතින බවත්, පළමු පැය පහ තුළදී හතළිස් දහසක පමණ ජනතාවක් දේහය අසලට පැමිණි බව වතිකානු පොලිසිය පවසයි. ඒ අනුව අවමංගල්‍ය දිනයේදී ලක්ෂ ගණනින් ජනතාව එක්රැස්වනු ඇති බවටද විශ්වාස කෙරේ. 

නයනා උදයංගනී 


 

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Previous

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment