2023 පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරඟාවලියේ අවසන් ලේඛකයින් 28 දෙනා අතරට ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනෙක්...

 

මොකද්ද මේ පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටි කතා තරඟාවලිය කියන්නේ? මෙහිදී සිදුවන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ලේඛක ලේඛිකාවන්ගේ පළ නොකළ කෙටිකතා අතරින් විශිෂ්ටතම කෙටිකතාව සඳහා ජාත්‍යන්තරව පිළිගත් සාහිත්‍ය ත්‍යාගයක් ලබා දීමයි.

මෙවර 2023 පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරඟාවලියේ අවසන් නිර්දේශිත ලේඛකයින් 28 දෙනා අතරට ශ්‍රී ලාංකික ලේඛකාවක් දෙදෙනකු ඇතුලත්ව අැතිබවද වාර්තා වේ. එය අප රටට ආඩම්බරයක් මෙන්ම කීර්තියක් ද වේ.


මෙලෙස නිර්දේශ වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි වී සිටින රුක්ෂානි විජේමාන්න සහ නවසීලන්තයේ වාසයකරන හිමාලි මැකින්ස් යන ලේඛිකාවන් දෙදෙනායි.


ලාංකීය ලේඛිකාවන් දෙදෙනකු ලෙස මේ ලේඛිකාවන් දෙදෙනා නිර්දේශ වීමද ඔවුන් ලද විශාල ජයක් වන අතර එයට හේතුව වන්නේ මෙම තරඟය සඳහා මෙවර රටවල් 58ක් නියෝජනය කරමින් කතාකරුවන් 6600ක් ඉදිරිපත් වී සිටීමයි. එහිදී කලාපීය වශයෙන් ජයග්‍රහණය කරන ලේඛකයාට ස්ටර්ලිං පවුම් 2500ක මුදල් ත්‍යාගයක් සහ සමස්ත ජයග්‍රාහකයාට ස්ටර්ලිං පවුම් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දීමට නියමිතව ඇතිබවයි සඳහන් වන්නේ.

නයනා උදයංගනී

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Previous

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment