BBC 100 Women 2022: වසරේ කාන්තාවන් අතරට ලංකාවෙන් සන්ද්‍යා එක්නැලිගොඩ

 

බීබීසිය විසින් 2022 ‘වසරේ කාන්තාවන් 100’ සඳහා නම් කරන ලද කාන්තාවන් අතරට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ද්‍යා එක්නැළිගොඩ නම් කර ඇත.

මෙම තේරීම සිදුකර ඇත්තේ කාණ්ඩ හතරක් යටතේ එක් කාණ්ඩයකින් 25 බැගින් තෝරාගෙන අතර එම කාණ්ඩ වන්නේ දේශපාලන, අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා උද්දේශන, දේශපාලන, අධ්‍යාපන, සංස්කෘතික, මෙන්ම සෞඛ්‍ය සහ විද්‍යාව යන කාණ්ඩයි. ඒ අනුව 2022 වසර ලෝකයට අර්ථවත් බලපෑමක් එක් කළ කාන්තාවන් සියදෙනා තෝරාගෙන ඇත.
                        
මාධ්‍යවේදියෙකු හා කාටූන් ශිල්පියෙකු වූ අතුරුදහන්ව  සිටින ප්‍රගීත් එක්නැළිගොඩ ගේ බිරිඳවන ඇය යුද්ධයේදී සිය පවුලේ සමාජිකයන් අහිමිව අසරණ වූ මවුවරුන් සහ බිරින්දෑවරුන් දහස් ගණනකට උපකාර කර ඇත. සමාජ ව්‍යාපාරයන්හී ද නිරතවෙන ඇය “වසරේ කාන්තාවන් 100” සඳහා නම් කරන ලද කාන්තාවන් අතරට තේරී පත්වී ඇත්තේ උද්දේශන සහ ක්‍රියාකාරීත්වය යන ක්ෂේත්‍රය යටතේ ය.

නයනා උදයංගනී


 

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment