Ren Xiaorong නිසා නිවේදක රස්සාවට තට්ටු වෙයිද ?

 

සිරිකත Online අපි අද මේ කියන කතාව නම් මාධ්‍ය කරළිය උණුසුම් කළ කතාවක් ලෙස හදුන්වන්න පුළුවන්. ඉතිං  ඒ උණුසුම්ම  කතාංගය නිර්මාණය කරන්නේ අලුතෙන් හදුන්වා දෙන AI නිවේදක, නිවේදිකාවන්. සරලවම කිවහොත්" AI News Presenter "ලෙස මොවුන්ව හදුන්වනු ලබනවා. 

චීනය සහ ඉන්දියාව විසින් පැය 24 පුරාම සහ දින 365 අඛණ්ඩව පුවත් වාර්තා කළ හැකි ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා. 

කවුද මේ "AI News Presenter" කියන්නෙ?" AI "ඉදිරිපත් කරන්නෙකු ලෙස හදුන්වනු ලබන්නේ, වීඩියෝ සහ ඉදිරිපත් කිරීම් වල සැබෑ ජීවිතයේ ඉදිරිපත් කරන්නන් වෙනුවට පරිගණකයෙන් නිර්මාණය කරන ලද ඉදිරිපත් කරන්නන් ඒ කාර්‍ය සදහා භාවිතා කිරිමයි.

 මේ පිළිබදව සොයා බලද්දි සඳහන් වෙන්නෙ, කෘතිම බුද්ධිය භාවිතා කරමින් එනම්, AI භාවිතා කරමින් නිර්මාණය කර ඇත්තේ කාන්තා නිවේදිකාවන් බවය. එමෙන්ම  මෙම AI කාන්තා නිවේදිකාවන්  අතිශය රූමත් බවත් සඳහන්. චීනයේ "People Daily" පුවත් නාලිකාව මෙකී AI News Presenter නිර්මාණයකර ඇති අතර එකී නිවේදිකාව "Ren Xiaorong" ලෙස හදුන්වනවා. 

ඉන්දියාව විසින්ද " Sana " නමින්   AI News Presenter ලෙස නිවේදිකාව "Indian Today" ප්‍රවෘත්ති විකාශයටද යොදා ගෙන ඇති අතර එම තාක්ශණය තුළ සේවය සාර්ථකව ලබා දෙන බවද වාර්තා වෙනවා. මෙකී තාක්ශණය තුළ ඇති සුවිශේෂීත්වය  නම්, මෙම නිවේදිකාවන් සතුව පරිණත නිවේදිකාවන් සතුව පවතින දක්ශතාවයන් සහ බුද්ධියත්, කිසිදු වචනයක් හෝ නොවැරදි භාවිතා කිරිමේ හැකියාවත් ,ඕනෑම මාතෘකාවක් යටතේ වසරක් පුරාවටම වුවද පුවත් ඉදිරිපත් කිරිමේ හැකියාව මොවුන් සතු වීමයි.

කෙසේවුවත් තාක්ෂණය තුළ අති ධාවනකාරි දියුණුවත් සමග කරළියට එන මේ කතාව තුළ ගැටලු සහගත අවස්ථාද නැතුවාම නොවෙයි. බොහෝ දෙනා පවසන්නෙ මෙකී AI News presenter යන්න තුළ වැරදි පුවත් ප්‍රචාරණය උදේසාද යොදා ගත හැකි බවයි.

මේ කරුණ තුළ අපිට පෙනී යන්නෙ කෘතිම බුද්ධිය වුවත් විටෙක මාරකයක්වන බවයි . ඉතින් රාජකාරිය තුළ කිසිඳු නිවාඩුවක් නොගන්න, අසනීප නොවෙන, ඇදුම් ආයිතම්වලට වියදම් නොවෙන මේ අතිශය රූමත් AI Presenter නිසා රස්සාවටත් අනාගතයෙදි තට්ටු වෙන්න බැරි නැහැ. 

අවසානයේදි තාක්ෂණයත් කෘතිම බුද්ධියත් අදවන විට කෙතරම් බලපෑම් සහගතද සහ කොයිතරම් සීමා අතික්‍රමණය කරනවද  යන්න සිතිය යුතුම කරුණක් බවට පත්වනවා. ඒලෙසින්ම  ඔබේ රූපවාහිනිය තුළත් නුදුරේදිම මේ රූමත් AI නිවේදිකාවන් දැකගන්නට පුළුවන් වෙවි.

සටහන - ජයනි ලක්ෂිකා

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Next

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

Realted Post

Leave a comment