You tube පරිශීලකයන්ට අලුත් අත්දැකීමක් එක්කරන නවතම යෙදුම මෙන්න

කුමක්ද මේ යු-ටියුබ් (YouTube) යන්න ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. කෙටියෙන්ම ඒ ගැන කිවහොත්, යූ-ටියුබ් යනු අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් ලෝක ජනතාවට නැරඹීමේ අවකාශය ලබාදුන් අපූරු සමාජ මාධ්‍යයක්. 

එමෙන්ම ලෝකයේ සිටින බොහෝමයක් ජනයා අතර ප්‍රසිද්ධ මෙවලමක් ලෙස ද youtube මාධ්‍ය හදුන්වා දිය හැකිය.

පසුගිය දිනක යූටියුබ් විසින් youtube භාවිතා කරන්නන් උදෙසා නව යෙදුමක් හඳුන්වා දී තිබෙනවා.

එය නොමිලේ ලබා දෙන අතර  එමගින් ඔවුනට කෙටි මෙන්ම දිගු වීඩියෝ නිර්මාණය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි Youtube ආයතනය පවසන්නේ.

සංස්කරණ ක්‍රියාවලිය සහ ස්ටිකර්, ජීඅයිඑෆ් සහ ප්‍රයෝග වැනි දෑ ඇතුළුව නිර්මාණාත්මක මෙවලම් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ඇතුළුව නිර්මාණකරුවන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම මෙම මෙවලමෙහි අරමුණ වී තිබෙනවා. 

Youtube සමාගම පවසන්නේ නව යෙදුම සංවර්ධනය කිරීම පිළිබඳව නිර්මාණකරුවන් 3,000ක් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ප්‍රතිපෝෂණ අනුව එය නිර්මාණය කළ බවයි.

සටහන - කසුනි විජේසිංහ

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Next

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

Realted Post

Leave a comment