අනෝමාගේ ‘සිරිමාවෝ’ කෙටි චිත්‍රපටය ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයට..........

 

අනෝමා රාජකරුණා විසින් නිර්මාණය කළ සිරිමාවෝ වාර්තා චිත්‍රපටයට 21 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමි වී තිබේ. 


සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම උපයෝගී කරගත් Our Mother, Grand Mother, prime Minister Sirimavo නැමති මෙම වාර්තා චිත්‍රපටයට පාදක වී ඇත්තේ හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ චරිතාපදානය යි.


අනෝමා රාජකරුණා මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ 2016 වසරේ යෙදී තිබුණු මැතිණියගේ සියවැනි උපන්දින සැමරුම සඳහා බව වාර්තා වේ. එමෙන්ම ඇය මෙම නිර්මාණය කිරීමේදී සිරිමාවෝ මැතිණිය සමීපව ඇසුරු කළ බොහෝ රාජ්‍ය නිලධාරීන් වන නිහාල් ජයවික්‍රම සහ ගුණසිරි පීරිස් යන මහත්වරුගෙන් ද චන්ද්‍රිකා සහ සුනේත්‍රා, විමුක්ති, යශෝධරා යන දරු මුණුපුරන්ගෙන්ද සම්මුඛ සාකච්ඡා ලබාගෙන ඇත.


ඇයට මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා වසර පහක කාලයක් ගත වී ඇති අතර, ඒ වෙනුවෙන් ඇයට හිමි වූ සම්මානය ද රැගෙන ඇය 23 වැනිදා (ඊයේ) සවස බංගලාදේශයේ ඩකා නුවර සිට මෙරටට පැමිණ තිබෙන අතර, ඇය පිළිගැනීම සඳහා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ පර්යන්තයට පැමිණ ඇති බව වාර්තා වේ. 

නයනා උදයංගනී


 

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

එයා සිත නිවන භාවනාවක් Read Next

එයා සිත නිවන භාවනාවක්

Realted Post

Leave a comment