අයිස් ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලංකාවද?

 

අයිස් මත්ද්‍රව්‍ය ගැන මේ දිනවල අපේ රටේ වැඩි කතාබහක් ඇති වී තිබේ. පාසල් ළමුන් මෙන්ම තරුණ වැඩිහිටි බොහෝ පිරිසක් මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී තිබීම රටේ විශාල ඛේදවාචකයක් බවට පත්ව ඇත. මිනිස් සිරුර සහ මනස විකෘති කරමින් විනාශ කර දමන අයිස් හෙවත් ක්‍රිස්ටලයින් නමැති මෙම භයානක මත්ද්‍රව්‍යය ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් වී ඇතිබව ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටපෝල් අනාවරණය කරයි. 


ඒ අනුව මෙම අයිස් මත්ද්‍රව්‍යය මෙරට සිට රටවල් විසි දෙකකට ප්‍රවාහනය කෙරෙන බව ඉන්ටර්පෝල් පොලිසිය විසින් දියත් කර ඇති “ලයන් ෂිප්” මෙහෙයුම තුළින් තොරතුරු අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන රසායනික අමුද්‍රව්‍ය සිරුරට අධික විස සහිත බවට හෙළි වී ඇති අතර මෙම ජාවාරම් සඳහා සම්බන්ධ ලාංකීය ජාවාරම්කරුවන් විසි හතරක් වෙනත් රටවල සැඟවී සිටින බවද වාර්තා වේ. 


මෙම මත් රකුසා මහා පරිමාණයෙන් ප්‍රවාහනය කෙරෙන්නේ ආසියාව තුළ බවත් ඊට තව නව ප්‍රවාහන මාර්ග රැසක් නිර්මාණය වී ඇතිබවත් ජාත්‍යන්තර පොලිසිය පෙන්වා දෙයි. 

නයනා උදයංගනී 


 

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment