අවුරුදු පහේ හර්ෂිත් ලෝක වාර්තාවක් තබයි....

අවුරුදු පහේ පොඞ්ඩෙක් ලෝක වාර්තාවක් තබන්න සමත්වෙලා. මේ පුවත වාර්තාවෙන්නේ වෙනත් රටකින් නම් නෙවෙයි අපේ රටේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන්. ඒ විනාඩි 4යි තප්පර 16ක් වැනි ඉතාම කෙටි කාලයකින් ලෝකයේ රටවල් 195ක් එහි අගනුවර සමග ලෝක සිතියමේ ලකුණු කිරීමට ඔහු සමත්වීමෙන්. කලානේෂන් හර්ෂිත් නම්  මේ පොඞ්ඩා ඒ අසාමාන්‍ය දක්ෂතාව ලොවට කියමින් රටවල් 24ක ක‍්‍රියාත්මක වන ”චෝලන් බුක් ඔෆ් වර්ල්ඞ් රෙකෝඞ්” හි ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුටත් කිරීමට අපහසු මේ කාර්ය අගය කළ යුතු පුවතක් වන අතර මෙම වාර්තාව 25දා නුවරඑළිය ශුද්ධ ත‍්‍රිත්ව මධ්‍ය මහා විද්‍යාලයේ සෞම්‍ය ශ‍්‍රවණාගාරයේදී පිහිටුවා තිබෙනවා.

වසර තුනක කාලයක් පුරා මෙම ”චෝලන් බුක් ඔෆ් වර්ල්ඞ් රෙකෝඞ්” වාර්තා පොතෙහි නුවරඑළිය දිස්ත‍්‍රික් නගර සීමාව තුළ මෙම ලෝක වාර්තාව පිහිටවූ පළමු තැනැත්තා මෙම වයස අවුරුදු 5 පෙර පාසැල් අධ්‍යාපනය ලබන කුඩා කලානේෂන් බවද ආයතන නිලධාරීන් අනාවරණය කරනවා. එමෙන්ම කලානේෂන් මෙහිදී මෙම රටවල් සහ අගනුවර ඉංග‍්‍රීසි භාෂාවෙන් නම් කිරිමත් විශේෂත්වයක්.

නව ලෝක වාර්තාවෙන් පසුව ඒ ස`දහා හිමි සහතිකය, සම්මානය, හා පදක්කම පිරිනැමීම සිදුකර ඇත්තේ ”චෝලන් බුක් ඔෆ් වර්ල්ඞ් රෙකෝඞ්” ජාත්‍යන්තරය නියෝජනය කරමින් ඉනිදියාවේ සිට පැමිණි ප‍්‍රධාන සම්භන්ධීකාරක පෙරුමාල් නීලමේගම සහ ශ්‍රී ලංකා ප‍්‍රධානී යෝගදාසන් ජූඞ් නිමලන් විසින්.

නයනා උදයංගනී

 

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post

Leave a comment