අසූචි මිශ්‍ර කෑම විකිණු හෝටල්වලට වැඩ වරදියි

 

ආහාරයක් මිලදී ගැනීමේදී එම ආහාරය සම්බන්ධයෙන් පාරිභෝගිකයාට උපරිම විශ්වාසයක් ඇතිවිය යුතුය. විශේෂයෙන් එහි සෞඛ්‍ය ආරක්ෂිතවබව රැකෙන ලෙස ඒවා සූදානම් කළ යුත්තේ එය ආහාරයට ගන්නේ රටේ මිනිසුන්ම වන නිසාය. කෙසේ නමුත් මේ පිළිබඳව අවධානයෙන් පසුවන මහජන පරීක්ෂකවරුන් හා එක්ව කෝට්ටේ මහනගර සීමාව තුළ සේවයේ නියුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රුද්‍රිගු මහතා පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබිණි.


එහිදී ඔවුන් විසින් කොළඹ ආපන ශාලා තිහක් පමණ පරීක්ෂාවට ලක්කර ඇති අතර, අපවිත්‍ර ආපනශාලාවලට විරුද්ධව දැඩි තීරණ ගනිමින් ආපනශාලා හිමිකරුවන් රැසකට නඩු පවරා ඇත. ඇතැම් ආපනශාලා හිමිකරුවන්ට දැඩි ලෙස අවවාද කර ඇත. අපිරිසුදු ආහාර නිසා නඩු පවරන ලද ආපනශාලා අතර ප්‍රධාන පෙළේ සුප්‍රසිද්ධ අවහල්ද තිබෙනබව වාර්තා වේ.


මෙම පරීක්ෂාවේදී ඇතැම් හෝටල්වල කෑම පිසින ස්ථානවල අපිරිසුදුභාවය පිළිබඳ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මෙලෙසය.


“ඇතැම් හෝටලවල පිළියෙල කරන කෑමවලට බළල් අසූචි මිශ්‍ර වී තිබෙන බව මේ පරීක්ෂාවේදී අපට සොයාගන්න පුළුවන් වුණා. අපි ඒවා හරියටම සොයා ගත්තේ නිසි පරීක්ෂාවකින් පසුව ලබාගත් තොරතුරුවලට අනුවයි. ඒ වගේම ඒ තැන්වල බහුලව කැරපොත්තන් වෙසෙනබව සොයා ගත්තා.”


මෙලෙස පැවසූ වෛද්‍යවරයා තව දුරටත් සඳහන් කරන්නේ අපිරිසුදු, නිසි සෞඛය  පිළිවෙත් අනුගමනය නොකර ආහාර පිසින මෙවැනි අවන්හල්වලට සහ හෝටලවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ලබාදෙන නිසි කාලය තුළ නිවැරදි නොවුනහොත්, එම අවන්හලට හෝ හෝටලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට සීල් තබන බවත්ය.

නයනා උදයංගනී


 

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Previous

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Next

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

Realted Post

Leave a comment