ආක්ටික් ප්‍රදේශයෙන් වසර 48,000ක් පැරණි සොම්බි වෛරසයක් හමුවෙයි...

 

සොම්බි කියන වචනේ ඇහෙද්දිත් ඇතිවෙන්නේ විශාල බියක් සහ තැතිගැන්මක්. සොම්බි චිත්‍රපටිවලින් සොම්බින්ව දැකලා තිබුණත් ඇත්තටම ඒ වගේ දෙයක් අහන්න ලැබෙයි කියලා කවුරුත් හිතන්න නැතිව ඇති. ඒත් කොහොම වුනත් සොම්බි වයිරස් එකක් හමුවීමේ භයානක පුවතක් ආක්ටික් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ආක්ටික් ප්‍රදේශයේ පවතින දැඩි උණුසුම් උෂ්ණත්වය නිසා පොළවට යටින් මිදුණු පස් තට්ටුවක් සහ නිත්‍ය තුහින අවුරුදු ගණනාවක් පැවතීම නිසා එවැනි භයානක වෛරස් නිර්මාණය විය හැකි බව විඳ්‍යාඥයින් පෙන්වා දෙනවා.  


දේශගුණ විද්‍යාඥයින් පවසන්නේ ඒ පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු අතර එම නිත්‍ය තුහින හැකිතාක් ශීතකර තබා ගැනීම ඉතාමත් වැදගත්වන බවයි.

 


එම තුහින තුළ තිබෙන්නේ ආලෝකය විනිවිද ගමන් නොකරන ඔක්සිජන් නොමැති පරිසරයකි. මේ වන විට අනෙක් ප්‍රදේශවලට වඩා ආක්ටික් උෂ්ණත්වය හතර ගුණයකින් පමණ වැඩි වී තිබෙන නිසා එම නිත්‍ය තුහින ස්ථරය දුර්වල වෙමින් පවතින බවයි සඳහන් වන්නේ, මේ පිළිබඳ විද්‍යාඥයින් වැඩිදුරටත් පරීක්ෂණ කරමින් සිටින බවද වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ වන විට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව එම ස්ථරයේ වසර 48,000ක් පමණ පැරණි  සොම්බි වෛරස් කොටසක් සොයාගෙන ඇති බව න්‍ැ්බ-ඵසජයැක ක්‍ක්ඩැරසල පවසනවා. එයින් මිනිසුන්ට සහ සතුන්ට ඉහළ අවදානමක් ඇතිවිය හැකි බවත් පර්යේෂකවරු වැඩි දුරටත් පෙන්වා දෙනවා. 

නයනා උදයංගනී 


    

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක්  දන්සැල Read Next

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක් දන්සැල

Realted Post

Leave a comment