ඉතාලි යන්න ගිය 79ක් මධ්‍යධරණියේදී මරුට...

යුරෝපය බලා පිටත් වී ඇති සංක‍්‍රමණිකයින් රැගත් ධීවර යාත‍්‍රාවක් මධ්‍යධරණී මුහුදේ ගැඹුරු සෆ්ථානයක් ආසන්නයේදී පෙරළී යාම නිසා අවම වශයෙන් එහිදී පුද්ගලයින් 79ක් පමණ මියගොස් ඇති බවත් තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇති බවත් වාර්තා වෙයි. මෙම අනතුර සිදුවී ඇති බව සදහන් වන්නේ මෙම යාත‍්‍රාව ලිබියාවේ සිට ඉතාලිය බලා යමින් සිටියදීයි. මේවන විට අතුරුදහන් වී ඇති නෞකාවේ පුද්ගලයින් පන්සියයක් පමණ සිට ඇති බව වාර්තාවෙන අතර, එහි ඊජිප්තු, පකිස්ථාන සහ සිරියාවේ සිට පැමිණි පුද්ගලයින් සිට ඇතිබව වාර්තාවල ස`දහන් වෙයි.

ඇතැම් වාර්තාවල සදහන් වන පරිදි නෞකාවේ සිටී පිරිස හත්සියයක් හෝ හත්සිය පනහක් පමණ වන බව සදහන් වුවද ග‍්‍රීක බලධාරීන් පවසන්නේ එම සංඛ්‍යා තහවුරුකළ නොහැකි බවයි. අතුරුදන් වී ඇති සංඛ්‍යාව තවමත් නිවැරදිව ප‍්‍රකාශකර නොමැති අතර මුඵ රාත‍්‍රිය පුරාවටම නාවික, වෙළදආරක්ෂක සහ ගුවන් යානා මගින් පුද්ගලයින් මුදවා ගැනීම සදහා දැවැන්ත මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇත. එමෙන්ම මේ නෞකාව අනතුරට පත්ව ඇත්තේ මධ්‍යධරණී මුහුදේ ගැඹුරු ස්ථානයකට ආසන්නයේදී නිසා ගිලී ඇති නැව සොයා ගැනීම අපහසුවිය හැකිබවද වාර්තා වේ.

නයනා උදයංගනී

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Next

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

Realted Post

Leave a comment