එංගලන්ත රූ රැජින, ජෙසිකා ගාගෙන් ගගනගාමිනියක වීමේ සිහිනයක...

 

“මම බලාපොරොත්තු වෙනවා එංගලන්ත රූ රැජින තරගය ජයග්‍රහණය කළා වගේම මගෙ අභ්‍යවකාශ සිහිනයත් සැබෑවක් වේවි කියා. එවිට මට පුළුවන් ලෝකයේ අනෙක් ගැහැණු දරුවන්ටත් තමන්ගේ සිහින සහ ඉලක්ක වෙත යන්න පුළුවන් කියන දේ ඔවුන්ට ඔප්පුකර පෙන්වන්න”

එසේ පවසන්නේ මෙම වසරේ එංගලන්ත රූ රැජින ලෙස කිරු`ළු පැළදි 27 හැවිරිදි ජෙසිකා ගාගෙන් ය. 


ඇය ඉදිරියේදී ගගනගාමිනියක ලෙස අභ්‍යවකාශයට යාම සඳහා පුහුණුවීමේ සිහිනයකින් සිටින බව පැවසේ. ඒ අනුව ඇයගේ බලාපොරොත්තුව වී ඇත්තේ ලොව කාන්තාවන් අතර තවදුරටත් පවතින බිය සහ සැකයට තිත තබමින් අහස ජයගන්නට කාන්තාවන්ටද හැකියාවක් පවතින බව ඔවුන්ට අවබෝධ කරවීම යි. මේ වනවිට අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අවසන් වසරේ සිටින ජෙසිකා ගාගෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කිරීමට කැමැත්තෙන් සිටී. 

කවදහරි දවසක තමන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් එහි සේවය කරමින් ලෝකයේ දරුවන්ට ද ඒ පිළිබඳ දැනුම ලබාදීම ඇයගේ සිහිනය වී තිබේ. 
ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරඟයේ එංගලන්තය නියෝජනය කරමින් තරඟයට සහභාගී වීමට සූදානමින් සිටින ඇය ඉදිරියේදී විශ්ව රූ රැජින බවටද පත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ නමුත් ඇයට ඉදිරියේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යෑමට අවස්ථාව ලැබුණොත් ඇය මෙතෙක් අභ්‍යවකාශ ඉතිහාසය තුල අභ්‍යවකාශය වෙත යන පළමු වැනි රූ රැජින බවට පත්වීමටද නියමිතව තිබේ.

නයනා උදයංගනී


 

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment