එකපාරට ලංකාවම නුවරඑළියක් වුණේ කොහොමද?

 

ඊයේ උදෑසන කාලයේ සිට මේ දක්වා මු`ඵ ලංකාවටම අධික සීතලක් අත්විදින්නට හැකියාව ලැබුණි. ඒ අනුව සාමාන්‍යයෙන් සීලත දේශගුණයක් තිබෙන පළාත්වල සීතල වෙනදටත් වඩා වැඩිවී තිබුණි. කොහොම වුණත් ඊයේ උදෑසන සිට රාත්‍රියවන විට පැවතුන අධික සීතල නිසා බුකිය පුරා ඒ ගැන විවිධ රසවත් කතාද දැකගන්න ලැබුණි.  දිවයින පුරා ප්‍රදේශ රැසකට ඇතිවී තිබෙන මෙම සීතල තත්වය අද හවස්වන විට තරමක් අඩුවන බවද වාර්තා වේ. එමෙන්ම මෙම ශීත කාලගුණයට දිවයින පුරා හමායන සුළංද හේතුවක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

 


මේ අතර ඉන්දියාවේ මැන්ඩවුස් සුලි කුණාටුව නිසා එහි යම් බපලෑමක් අපේ රටටද ඇති වී තිබීම දැකගන්න ලැබුණි. ඒ අනුව කොළඹ අවට බොහෝ ප්‍රදේශවල අඳුරු දුමක් වැනි පටලයකින් වැසී තිබෙන ආකාරය දක්නට ලැබුණි. එය දශකයකට පමණ පසුව මෙරට වායු ගෝලයේ වැඩිම දූවිලි අංශු ප්‍රමාණයක් වාර්ථාවන අවස්ථාවක් බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.


මෙම අයහපත් කාලගුණය නිසා දිවයිනේ ඌව පළාතේ පාසැල් 26ක් පමණ වසා දැමීමටත් තීරණය කර තිබුණි. කෙසේ නමුත් ඊයේ දිනයට වඩා වායු දූෂණ තත්වය අද අඩුවීමක් තිබෙන බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශකරයි. 

නයනා උදයංගනී


 

එයා සිත නිවන භාවනාවක් Read Previous

එයා සිත නිවන භාවනාවක්

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Next

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

Realted Post

Leave a comment