එල්විස් ප්‍රෙස්ලිගේ එකම දියණිය ලීසා මාරී මිය යයි...

 

1968 වසරේ උපන් ලීසා මාරී ප්‍රෙස්ලි මිය යනවිට වයස අවුරුදු 54 කි. ගායකයෙක්, රංගන ශිල්පියෙක් සහ ''King of Rock and Roll” ලෙස ජනප්‍රිය වී සිටින එල්විස් ප්‍රෙස්ලිගේ එකම දියණිය වූ ලීසා මාරී ලෝකයේ වැඩි පිරිසකගේ ආදරය දිනූ ගායිකාවකි. 


ඇය මිය ගොස් තිබෙන්නේ හදිසි හෘදයාබාදයකින් වන අතර, හෘදයාබාදය වැළදී ලොස්ඇන්ජලීස් නුවර රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඇය මියගොස් ඇතිබව වාර්තා වේ. එමෙන්ම ඇය මීට කලින්ද යම් අසනීප තත්වයන් නිසා රෝහල් ගත වී තිබූ බවද වාර්තා වේ. 


ඇය දරුවන් තිදෙනකුගේ මවකි. ඔවුන් අතරින් පුතු වූ බෙන්ජමින් කිවි 2020 වර්ෂයේ සියදිවි නසා ගැනීමකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සුප්‍රකට ගායන ශිල්පිණියක් වූ ඇය අවසන් වරට ප්‍රසිද්ද වේදිකාවක පෙනීසිට ඇත්තේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ බෙවර්ලි හිල්ස් හි පැවති ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන උළෙලේදී ය.

නයනා උදයංගනී 


 

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment