කැනඩාවේදී කෝටි 800ක ලොතරැුයියක් දිනූ ශ්‍රී ලාංකිකයා

ඔන්ටේරියෝ ලොතරැයි සහ ක‍්‍රීඩා සමාගමේ ලොටෝ මැක්ස් ලොතරැයිය මේ මස 6 වැනිදා දිනුම් ඇදීමට ලක්කර තිබෙන අතර එහි ජයග‍්‍රහණය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකි.

නිරිත දිග කැනඩාවේ වින්ඞ්සර් නගරයේ සුළු රැුකියාවක නියැලෙන ඔහුු නමින් ජයසිංහ වන අතර මෙම ලොතරැුයි දිනුම් ඇදීමෙන් ඔහු ජයග‍්‍රහණය කර තිබෙන මුදල ඩොලර් මිලියන 35ක් බව (රුපියල් කෝටි 800ක්) එරට සිබීසි පුවත් සේවය වාර්තා කර ඇත. එම පුවතේ වැඩිදුරටත් ප‍්‍රකාශ වන්නේ එම මුදල් ත්‍යාගය ඔහුට හිමි වී ඇත්තේ ඔහුගේ දියණිය විශ්විද්‍යාල උපාධිය ලබා සතියකට පමණ පසුව බවයි.

මේ පිළිබ`ද සතුට පළකරන ඔහු පවසා ඇත්තේ මේ දිනුම ගැන බලාපොරොත්තුව ඔහුට නිරන්තරයෙන් තිබුණ බවයි. එමෙන්ම මුදල් ත්‍යාගය හිමිවීම සහ දියණිය උපාධිවරම් හිමිකරගැනීම යන කාරණා දෙකම ඔහුට එකවර සතුට ගෙනා කාරණා දෙකක් වී ඇත. ඉදිරියේදී ඩ8 වර්ගයේ ‘ඩොග් චාර්ජර් හෙලිකෙට්’ මෝටර් රථයක් මිලදී ගැනීමද ඔහුගේ සිහිනය බව පවසයි. එහිදී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ මෙලෙසය. ”මම කැමතියි රට රටවල සංචාරය කරන්න. ඒ වගේම කැනඩාවේ ස්වභාවික සෞන්දර්ය දැකබලා ගන්න, ශ්‍රී ලංකාවට යන්නත් අදහසක් තිබෙනවා. එහි උදව් කරන්න අවශ්‍ය විශේෂ පිරිසක් සිටිනවා. මේ මුදලින් කොටසක් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් යොදවනවා.” යන්නයි.

නයනා උදයංගනී

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment