චාල්ස්ගේ රාජාභිෂේකයට අලුත් සංගීත නිර්මාණ 12ක්...

 

චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා අලුත්ම සංගීත නිර්මාණ දොළහක් තෝරාගෙන ඇතිබව එක්සත් රාජධානියෙන් වාර්තා වෙයි. ඒ අතරට ජනප්‍රිය සම්මානලාභී කලාකරුවකු වන “ඇන්ඩෲ ලොයිඩ් වෙබර්” සාමීවරයාගේ ගීතයක්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ. 


මැයි මාසයේ 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන මෙම රාජාභිෂේකය සඳහා තොරාගෙන ඇති මෙම සංගීත නිර්මාණ දොළහ චාල්ස් රජුගේ පෞද්ගලික කැමැත්තට අනුව තෝරාගෙන තිබීමද විශේෂත්වයකි. එය සැලසුම් කර ඇත්තේ එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සංගීත කුසලතා සහ වෙනස් ආකාරයේ ශෛලීන් ප්‍රදර්ශනය කිරීම සඳහා බව වාර්තා වේ. එහිදී ග්‍රීසියේ උපත ලද ඔහුගේ පියා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුට උපහාර පිණිස ග්‍රීක ඕතඩොක්ස් සංගීතය වාදනය කරන බවද සඳහන් වෙයි. එය වාදනය කරනු ඇත්තේ බයිසැන්තියානු ගායන කණ්ඩායම විසිනි. රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සජිවීව විකාශනය කෙරෙන චාල්ස් රජුගේ රාජාභිෂේකයට අමුත්තන් දෙදහසක් පමණ සහභාගී වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

නයනා උදයංගනී  


 

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment