ටයිටැනික් නෞකාවේ රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසියට....

වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ මගීන්ට ලබා දුන් ආහාර ලැයිස්තුවක් තිබූ බවයි.

මෙම ආහාර ලැයිතුව පිළිබඳව ඔහුගේ පවුලේ අය ඇතුළු කිසිවෙකුත් නොදන්නා බව වාර්තා වනවා. 

2017 වසරේ ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය බලා ගෙන තිබෙන්නේ ඔහුගේ දියණිය සහ ලේලිය වන අතර, ඉන් පසුව ඔවුන් ටයිටැනික් නෞකාවේ සේවය කළ ආහාර ලැයිස්තුව සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

එය පවුම් 70,000 ක් හෝ ඩොලර් 86,000 ක් දක්වා අලෙවි කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් ආරන්චි මාර්ග තවදුරටත් සදහන් කරන්නේ. 

ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් නෞකාව 1912 අප්‍රේල් 15 වැනි දින අත්ලාන්තික් සාගරයේදී අයිස් කුට්ටියක ගැටීමෙන් ගිලී ගියා. 

අනතුරින් මගීන් 1500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතිනවා.

සටහන - කසුනි විජේසිංහ

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Previous

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

එයා සිත නිවන භාවනාවක් Read Next

එයා සිත නිවන භාවනාවක්

Realted Post

Leave a comment