ටයිටැනික් බලන්න ගිය ටයිටන් අතුරුදන්

ලෝකයම කම්පනයට පත් කරමින් අනතුරට පත්වූ ටයිටැනික් නෞකාව පිළිබ`දව අදටත් පර්යේෂණ සිදුවෙමින් පවතී. එහි පර්යේෂණ සදහා එලෙස පිටත් වී ඇති කැනේඩියානු පර්යේෂණ යාත‍්‍රාවක් වූ Polar Prince නැමති ආධාරක යාත‍්‍රාව රැගත් ටයිටන් නැමති ගිල්වන නෞකාව මේ වන විට පර්යේෂණ ස`දහා ගිය ප‍්‍රකෝටිපති පර්යේෂකයින් පස් දෙනකු සමඟ අතුරුදහන් වී ඇත.

නෞකාව අතුරුදහන් වී මේ වන විට දින දෙකකට ආසන්න කාලයක් ගතවී ඇත.  සුප‍්‍රකට ටයිටැනික් නෞකාවේ පතුලේ සුන්බුන් නැරඹීමටත්, ගවේෂණය කිරීම සදහාත් අත්ලාන්තික් සාගරයේ පතුලටම ගිල්විය හැකි මෙම නෞකාව සොයායාමේ මෙහෙයුම් තවමත් ක‍්‍රියාත්මක ය. 

පර්යේෂණ සදහා කිමිදුණු පර්යේෂකයින් වන්නේ බි‍්‍රතාන්‍ය කෝටිපති ගවේෂක හමිෂ් හාඩින්, පකිස්ථාන ව්‍යාපාරික ෂාසාදා ඩාවුඞ් සහ ඔහුගේ 19 හැවිරිදු පුතු සුලෙයිමාන් ඩාවුඞ්, කීර්තිමත් නාමයක් හිමි ප‍්‍රංශ කිමිදුම් කරුවකු වූ පෝල්xහෙන්රි නර්ජොලට් සහ OceanGate Expeditions හි නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් යන පුද්ගලයින් පස්දෙනා වන අතර මොවුන් කිසිවකු පිළිබ`දව මේ වන විට තොරතුරක් ලැබී නොමැත.    

නයනා උදයංගනී 

 

 

වසරේ හොඳම කාන්තා පුවත්පත් සන්නාමය සිරිකත Read Previous

වසරේ හොඳම කාන්තා පුවත්පත් සන්නාමය සිරිකත

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Next

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

Realted Post

Leave a comment