ඩොලර් 4000ක් වටිනා නෝට්ටු හපා කෑ සුරතලා

නිවසක සුරතලයට ඇති කරන බලු පැටියෙකු අයිතිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු හපා විනාශ විනාශ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. 

ශ්‍රී ලංකාවේ මුදලින් එය රුපියල් ලක්ෂ 12කට අධිකයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නිවසේ මේසයක් මත තිබුණු මුදල් නෝට්ටු සහිත ලියුම් කවරයක් බලු පැටියා මෙලෙස හපා විනාශ කර ඇති බවයි.

ඒ වැටක් සවි කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවීමට තිබූ මුදල් 

සුනඛයාගේ අයිතිකරු විදෙස් මාධ්‍ය සමග පවසා ඇත්තේ, තම ආදරණීය සුනඛයා ජීවිතයේ මිල අධිකම ආහාර වේල භුක්ති විඳින බව දුටු විට ඔවුන් විස්මයට පත් වූ බවයි.

මුදල් නෝට්ටු ආහාරයට ගත් 'සෙසිල්' නමැති එම බලු පැටියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. 

පසුව අයිතිකරු විසින් ඉරුණු ඇතැම් නෝට්ටු කැබලි එකතු කර බැංකුවට ලබාදී ඒ වෙනුවට නව නෝට්ටු ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. 
 

සටහන - කසුනි විජේසිංහ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Previous

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment