තම දරුවන් තිදෙනා වසර ගණනක් පුරා අපයෝජනය කළ පියා අත්අඩංගුවට

 

තාත්තා කියන්ගේ දරුවන්ගේ ලෝකේ රජ්ජුරුවෝ. ඒ වගේම තාත්තා කෙනකුට තමන්ගේ දරුවන් තරම් වටිනා කිසිම දෙයක් නැහැ. සමාජය තුළ තමන්ගේ දරුවන්ට ලැබෙන විශ්වසනීය ආදරය, රැකවරණය ඔවුන්ට ලැබෙන්නේ තමන්ගේ මවුපියන්ගේ උණුසුම ළඟයි. එහෙත් අවාසනාවකට තමන්ගේම ලෙයින් උපන් දරු පැටවුන්ට අවාසනාවන්ත ඉරණම් අත්කර දීමට ඇතැම් මවුවරුන් පියවරුන් ක්‍රියා කරන්නේ හිත්පිත් නැති අසහනකාරී පිරිස් ලෙසයි. එවන් පුවතක් ගැන මේ වාර්තා වන්නේ හෝමාගම දීපන්ගොඩ ප්‍රදේශයෙන්. 


තම බාල වයස්කාර පුතු සහ දියණියන් දෙදෙනා වරින් වර ලිංගික අපයෝජනයට පත් කළ පියෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය මත්තේගොඩ පොලිසිය සඳහන් කරනවා. 47 හැවිරිදි මෙම තිදරු පියා විසින් දරුවන්ට මෙම අපයෝජනය සිදුකර ඇත්තේ වසර කිහිපයක සිටයි. මෙම දරුවන්ගේ මව මීට වසර දහයකට පෙර ඔවුන් හැරදමා ගොස් ඇති අතර, 13 හැවිරිදි පුතු, 16 හැවිරිදි බාල දියණිය සහ 24 හැවිරිදි වැඩිමහල් දියණිය එකම නිවසක වාසය කර ඇත. මෙම පියා විසින් වැඩිමහල් දියණිය වයස අවුරුදු 11 සිට 18 දක්වා වයස වනතෙක් අපයෝජනයට ලක්කර ඇතිබව ද පැවසෙනවා. 


වයස අවුරුදු 16 දියණියට පියාගෙන් සිදුවී ඇති අපයෝජනය සම්බන්ධයෙන් (1929) ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මත්තේගොඩ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක5ියා කර තිබෙනවා. පොලිස් විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මකයි. 

නයනා උදයංගනී    


 

කෙල්ලන් වශී වෙන කොල්ලන් ආසම Hair Cut එකක් ඔයත් කපලා බලන්න ආස හිතෙයි Read Previous

කෙල්ලන් වශී වෙන කොල්ලන් ආසම Hair Cut එකක් ඔයත් කපලා බලන්න ආස හිතෙයි

පළමු ගීතයෙන්ම රසිකයන් අතරට ගිය  අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය Read Next

පළමු ගීතයෙන්ම රසිකයන් අතරට ගිය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය

Realted Post

Leave a comment