දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලංකාවට රිදී පදක්කමක් ගෙන එයි...

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන යුපුන් අබේකෝන් ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට සමත් වී ඇත.

ඔහු සහභාගි වූ මෙම තරඟාවලියේ මීටර් 100 ඉසව්වේ තරඟය තත්ත්පර 10.01 කාලයකින් අවසන් කරමින් ඔහු මෙලෙස රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වී ඇත.

තරඟාවලියේ මෙලෙස 2වන ස්ථානය හිමිකරගන්නා ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබඳ සටහනක් තබා ඇත්තේ මෙලෙසයි.

"මට තප්පර 10.01 (+2.7)ක කාලයකින් 2වැනි ස්ථානයට පත්වීමට හැකි වුණා. මගේ ගමනට සහය දුන් සැමට ස්තූතියි" යනුවෙනි.

යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යන අන්වර්ත නාමය දිනාගෙන ඇත්තේ පිරිමි මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව බිඳ දැමීමෙන් පසුවය.

නයනා උදයංගනී

සිරිකත කුස්සියේ රහස් Read Previous

සිරිකත කුස්සියේ රහස්

දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන් Read Next

දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන්

Realted Post

Leave a comment