දරු ප‍්‍රසූතියකදී සිතට සහනයක් ගෙනා බලූ සුරතලෙක්

හුගක් වෙලාවට සුරතලයට ඇති කරන සතුන්ගෙන් මිනිසාට ඇතිවන මානසික සහනය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ සතුන්ගේ ආදරය මිනිසුන්ගේ ආදරයටත් වඩා අව්‍යාජ නිසාම වෙන්න පුඵවන්. ඔවුන් තමන්ගේ හාම් පුතාට දක්වන්නේ විශාල ආදරයක්. ඒ අතර සුනඛයින් කියන්නේ මිනිසාට වඩාත්ම සමීප සහ ළඟම ආරක්ෂකයා කිව්වොත් නිවැරදියි. මේ විදියට නිවසක සුරතලයට ඇති කරන බලූ සුරතලෙක් දරු ප‍්‍රසූතියකදී කාන්තාවකට පිළිසරණක් වී ඇති පුවතක් මහා බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වෙනවා.

වාර්තාවන අන්දමට දරු ප‍්‍රසූතියට පෙනී සිටි ඇය ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන කාන්තාවක් වන අතර ඇය නිවසේ සුරතලයට ස්ටැෆර්ඞ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ සුනඛයකු ඇතිකර තිබෙනවා. දරු ප‍්‍රසූතියට සූදානම් වූ ඇයගේ නම ඒමි ටොම්කින්ස් වන අතර, ඇය ඒ වන විට ඔටිසම් රෝගී තත්ත්වයෙන් පමණක් නොව දැඩි ආතතියකින් සහ සමාජ භීතිකාවකින්ද පෙලෙමින් සිට ඇති බව වාර්තා වෙනවා. තම ජිවිතයේ මුහුණදීමට සිදුවී ඇති මානසික ගැටලූවලදී එයින් මි`දීමට මෙම බලූ සුරතලා ඇයට සහයෝගක් වී ඇති බවත්, එම සුනඛයා ඒ ස`දහා වසර දෙකක පුහුණුවක් ඇති සුනඛයෙකු බවත් ස`දහන් වෙයි. එම නිසාම දරු ප‍්‍රසූතිය සිදුවන මොහොතේ එම සුනඛයා ඇය ළඟ සිටීම වැදගත් වී ඇත. ඒ අනුව රෝහලකදී දරු ප‍්‍රසූතියක් සිදුවන මොහොතක ගැබිනියක් අසල සුනඛයකු සිටී ලොව ප‍්‍රථම අවස්ථාවද මෙය විය හැකියි. කෙසේ නමුත් දරු ප‍්‍රසූතියේදී වේදනාවෙන් සහනයක් ලැබීමටත්, සන්සුන් වීමටත් ඇයට හැකිව ඇත්තේ තමන්ගේ මෙම සුරතලා නිසා බව වෛද්‍යවරු පැහැදිලි කරයි.

නයනා උදයංගනී

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Previous

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment