දරුවන් බිලිගන්නා ‘අයිස්’ පාසල් ආපන ශාලාවටත් යයි

 

මිනිස් සිරුරේ සිතුම් පැතුම් හැසිරිම් වෙනස් කරන භයානක මත්ද්‍රව්‍යයක් වන අයිස් මේ වන විට රට පුරා ව්‍යාප්ත වී ඇති බවක් දකින්නට ලැබේ. මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා විකෘති වූ මනසින් සිදු කළ විවිධ අපරාධ පිළිබඳවත් පසුගිය කාලයේම අසන්නට ලැබුණි. භාවිතා කිරීමෙන් පසු ඇබ්බැහියක් වන මෙම මත්ද්‍රව්‍ය තමන්ට පමණක් නොව සමාජයට භයානක වටපිටාවක් නිර්මාණය කරයි. 


මෙහි භයානක ඛේදවාචකය වන්නේ මේ වන විට මෙම අයිස් සහ මත්පෙති පාසල් තුළටද පැමිණ තිබීමයි. මේ ඛේදනීය පුවත අනාවරණය වන්නේ ගම්පහ ප්‍රදේශයෙන්. ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සොයාගත් බව පොලිසිය පවසයි. සිදුවීම සම්බන්ධයෙන් ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   


සමාජය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන මෙම මත්ද්‍රව්‍ය පාසල් තුළට පැමිණියේ කොහොමද? මේ වන විට අපේ රටේ දරුවන් කොපමණ සංඛ්‍යාවක් අතර මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරෙනවාද? යන්න තදින්ම සොයා බලා නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබේ. 

නයනා උදයංගනී      


 

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට Read Previous

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට Read Next

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

Realted Post

Leave a comment