දිසාපාමොක් පරපුරේ ගුරු මවුනි පියානනි අද ඔබේ දවසයි

"මැණික් කරුවා මැණික ඔප දමන්නේ යම්සේද එසේම ගුරුවරයාද දරුවන්ගේ දක්ෂතා ඔප දමන්නේය" 

1966දී යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් කරන ලද ප්‍රඥප්තියට අනුව ලෝක ගුරු දිනය සමරන අතර නිල වශයෙන් මෙම ගුරු දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ 1994 ඔක්තෝම්බර් 5 වනදායි. 

ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ගුරු දිනය සමරනු ලබන්නේ අද (06) දිනයි.

දරු දැරියන් තම දෙමාපියන්ගෙන් පසුව බොහෝ ලෙන්ගතු සහ ආදරණීය චරිතයක් ලෙස වඩාත් සමීප වන්නේ ගුරුවරයාටයි.

ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයිනි. 

ළදරුවන්ට වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්නේ යම් සේද, සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයමින් දරුවෙකුට ලෝකය දකින්නට, ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට හුරු කරවන්නේ ගුරු මව් පියවරු වෙතිනි. 

දරුවන්ගේ විවිධතා හඳුනාගනිමින් ඔවුන් සතු සැඟවී ඇති ශක්‍යතා ඉස්මතු කරන ගුරුවරයා ඒ ඔස්සේ ආලෝකය කරා පියමනින්නට අවශ්‍ය ජීවය හා ශක්තිය දරුවන් වෙත ආරෝපනය කරයි. 

ගුරුවරයා යනු ප්‍රඥාවේ සහ හදවතේ එකතුවකි. 

ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.

නිසරු සිත් කෙත් සරු කරනට නිති දහදිය හෙළන උගතුන් රජුන් තනවන දිසාපාමොක් පරම්පරාවේ ආදරණීය ගුරු මවුනි,පියාණනි ඔබට සුභ ගුරු දිනක් පතන්නේමු.... 


සටහන - කසුනි විජේසිංහ

විලාසිතා නිර්මාණකරනයට නව මානයක් එකතු කරමින් ක්ෂේත්‍රය තුළ අද්විතීය වෙනසක් කරපු ඇය Read Previous

විලාසිතා නිර්මාණකරනයට නව මානයක් එකතු කරමින් ක්ෂේත්‍රය තුළ අද්විතීය වෙනසක් කරපු ඇය

ශ්‍රී ලංකා කාන්තා පිළ පරදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 76ක ජයක් Read Next

ශ්‍රී ලංකා කාන්තා පිළ පරදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 76ක ජයක්

Realted Post

Leave a comment