නිව්යෝක් වැසියන් මෝටර්රථ තුළට සිරකල දරුණුතම හිම කුණාටුව...

 

උතුරු ඇමරිකාව තුල මේ වන විට දරුණු හිම කුණාටුවක් පවතින අතර. එරට ප්‍රාන්ත නිලධාරීන් පවසන්නේ එරට වැසියන් වැඩි පිරිසක් තමන්ගේ ජීවිත කාලය තුළ මුහුණ දී ඇති දරුණුතම හිම කුණාටුව මෙය වන බවයි. 
දිගින් දිගටම පවතින මෙම හිම කුණාටුව නිසා මේවන විට බටහිරදිග නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයින් විසි අට දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටී. එපමණක් නොව කැනඩාවේ සිට මෙක්සිකානු දේශ සීමාව දක්වා පැතිරගිහින් තිබෙන මෙම දරුණු හිම කුණාටුව නිසා පුද්ගලයින් හැට දෙකක් ජීවිතක්ෂයට පත්ව ඇතිබවද වාර්තා වේ. සමහර පිරිස් හිම කුණාටුව නිසා දවස් දෙකකටත් වැඩි කාලයක් තමන්ගේ මෝටර් රථ තුළට කොටුවී හිඳ ඇති බව ප්‍රාන්ත නිලධාරීන් පවසයි. ඉදිරි දින කිහිපය තුළදී තවත් විපතට පත්වූ පිරිස් සොයාගත හැකිබවටද නිළධාරීන් බිය පළ කරයි. 


මේ හේතුව නිසා ගුවන් ගමන් 4900කට ආසන්න ප්‍රමාණයක් අවලංගු වී ඇත. කෙසේ නමුත් මේ දරුණුතම සුළිකුණාටුව නිසා එක්සත් ජනපද ජනාධිපති වන ජෝ බයින්ඩන් නිව්යෝර්ක් ප්‍රාන්තයට ෆෙඩරල් සහය ලබා දෙමින් හදිසි ප්‍රකාශයක් ද අනුමත කර ඇත. එමෙන්ම “නිවාඩු සති අන්තයේදී සිය ආදරණීයයන් අහිමිවූවන්ට “ශෝකය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක්ද නිකුත්කර තිබේ.

නයනා උදයංගනී


 

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක්  දන්සැල Read Previous

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක් දන්සැල

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment