පකිස්තානු කාන්තාවක් එවරට්ස් තරණය කරයි

එවරට්ස් තරණය කල දෙවන පකිස්තානු කාන්තාව ලෙස ඉතිහාසගත වෙමින් පකිස්තානු කාන්තාවක් වූ නායිලා කිආනා ලොව උසම කන්ද වූ එවරට්ස් කන්ද සාර්තකව තරණය කිරීමට පසුගියදා සමත්වී ඇති බව වාර්තා වෙයි. ඇය ඩුබායි නුවර පදිංචිකාරිනියක් වන අතර දරුවන් දෙදෙනකුගේ මවකි.

හිටපු බැංකු නිලධාරිනියක් වූ ඇය මෙලෙස එවරට්ස් තරණය කිරීමට පෙර එම දක්ෂතාවය දැක්වූ පළමු පාක්ස්ථානු කාන්තාව බවට පත්ව ඇත්තේ 2013 වසරේ එවරට්ස් තරණය කළ සාමිනා බායිග්ය.

පොළව මට්ටමේබ සිට මීටර් 8,849 ක උසක් තරණය කරමින් නායිලා මෙම ජයග‍්‍රහණය වාර්තාකර ඇත.

එමෙන්ම මීට පෙර ඇය ලොව හතරවැනියට උසම කන්ද වූ නේපාලයේ ලොට්ස් කන්ද තරණය කිරීමටද සමත්වී ඇතිබව වාර්තා වෙයි. ඇය මෙම වසර තුළදීම මීටර් අට දහසකට වඩා උස ක`දු තුනක්ම තරණය කර ඇති අතර එම සංඛ්‍යාව පහක් දක්වා ඉහළට ගෙන යාම ඇගේ ලොකුම බලාපොරොත්තුව පවද පවසයි.

 


නයනා උදයංගනී

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment