ප්‍රංශ - කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන්ට දුර්ලභ ස්නායු අබාධයක්...?

 

ලෝකයේ බොහෝ පිරිසක් ආදරය කරන ගීත ලොවේ රසික සිත් සොරා ගත් ප්‍රංශ - කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන් ගැනයි මේ කතාබහ. ඇයට ආදරය කරන රසිකයින්ට මේ කියන්න යන්නේ සතුටු දායක පුවතක් නොවේ. ඒ මේ වනවිට ඇය ස්ටිෆ් පර්සන් සින්ඩ්රෝම් නම් රෝගය (SPS) වැළදී ඇති බව හඳුනාගෙන තිබීමයි.


ඇයට ආදරය කරන ලොව පුරා රසිකයින් මොනතරම් පිරිසක් සිටිනවාද කියනවානම් ඇයගේ Instagram අනුගාමිකයින් ප්‍රමාණය ගණනින් මිලියන පහක් පමණ සිටින අතර ඇය තම Instagram අනුගාමිකයින් අමතා තමාට මෙම රෝගය වැළදී ඇතිබව පවසා තිබුණේ මෙලෙසයි.  


“ඔබ හා කතා කිරීමට මෙපමණ කාලයක් ගැනීම ගැන මට කණගාටුයි. මම දිගු කාලයක් තිස්සේ සෞඛමය ගැට`ඵත් සමඟ පොරබඳිමින් සිටියා. මට ඉතාම දුර්ලභ ස්නායු ආබාධයක් තිබෙනබව හඳුනාගෙන තිබෙනවා. ඒක හඳුන්වන්නේ ස්ටිෆ් පර්සන් සින්ඩ්රෝම් නම් රෝගය (SPS) කියලා. මට ඇතිවුණ මාංශපේශී සියල්ලටම මූලික හේතුව එය බව අපි දැන් දන්නවා. අවාසනාවකට මේ පේශී ගැස්මවල් මගේ ඒදිනෙදා ජීවිතේ සියලු දේට බලපානවා. සමහර වෙලාවට එය මට ඇවිදීමේදී වේදනා ගෙනදෙනවා. මම පුරුදු වී සිටිය විදියට ගායනයේදී මට අවශ්‍ය ලෙස ස්වර තත්ත්‍ර යොදා ගැනීමට එය ඉඩ දෙන්නේ නැහැ. මම ඔයාලට ගොඩක් ආදරෙයි. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මට ඔයාලව නැවත මුණ ගැසෙන්න ලැබේවා කියලා”


මෙලෙස ඇය තමන්ට ආදරය කරන සුවහසක් රසිකයින් වෙනුවෙන් Instagram හරහා පණිවිඩයක් තබා ඇති අතර මෙම රෝගය නිසා ලබන වසර තුල එක්සත් රාජධානියේ සහ යුරෝපය තුල පැවැත්වීමට සැලසුම්කර තිබූ ප්‍රසංගයේදී ඇයට ගායනා කිරීමට නොහැකිවන බවද ඇයගේ රසිකයින්ට දන්වා තිබුණි. 

නයනා උදයංගනී 


 

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Previous

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

මාතලේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනයට වැඩක් Read Next

මාතලේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනයට වැඩක්

Realted Post

Leave a comment