පැය අටක් ෂාරුක්ගේ නිවසේ හැංගිලා හිටපු නාඳුනන රසිකයෝ...

 

ඉන්දියාව කියන්නේ අමුතුම රසිකයින් ඉන්න රටක් කිව්වොත් වැරදි නැහැ. මොකද මේ අය හුඟක් වෙලාවට තමන් ආදරය කරන සුප්‍රකට න`ඵ නිළියන්ට, ක්‍රීඩකයින්ට උන්මන්තකයින් සේ ආදරය කරනවා. ඒ නිසාම සමහර වෙලාවට තමන්ගේ රට නියෝජනය කරන ක්‍රීඩාවකදී උනත් කිසිසේත් ඔවුන් පරාජය බාරගන්න සූදානම් නැහැ. නමුත් මේ කියන්න යන්නේ ක්‍රීඩා රසිකයන්ගේ වැඩක් ගැනනම් නෙවෙයි. බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ රසිකයින් දෙපලකගේ වැඩක් ගැන.


ඉන්දීය මාධ්‍ය සඳහන් කරන විදියට ශාරුක්ගේ මන්නාට් කියන නිවසට අනවසරයෙන් ඔහුගේ රසිකයින් දෙන්නෙක් ඇතු`ඵවෙලා තිබෙනවා. ඒ වගේම මේ දෙන්නා ඔහුගේ නිවසේ වේෂ නිරූපන කාමරයේ පැය අටකට ආසන්න කාලයක් හැංගිලා ඉදලා තියනවා කියලයි ආරංචි වෙන්නේ. 


සාහිල් සලීම් ඛාන් සහ රාම් සරාෆ් කුෂ්වාහා කියන මේ දෙපල ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ට විරුද්ධව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා තිබෙනවා.
කෙසේ නමුත් නිවසේ සේවකයකු වූ සතිශ් නැමති පුද්ගලයා විසින් සැකකරුවන් දෙදෙනා වේෂ නිරූපන කාමරයේ සිට රැගෙනයන විට මේ නාඳුනන දෙපල දැකීමෙන් ශාරුක් කම්පනයට පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

නයනා උදයංගනී


 

දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්? Read Previous

දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්?

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා Read Next

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා

Realted Post

Leave a comment