පින්ලන්තය ප්‍රීතියේ ඉහළටම....

 

සතුට කියන්නේ අපි හැමෝම ජීවිතයේ බලාපොරොත්තු වෙන ලොකුම ධනය කිව්වොත් වැරදි නැහැ. හැමදෙයක්ම කරන්නේ සතුටින් ජීවත්වෙන්න. එහෙත් අපේ රටේ මිනිසුන්ට පවතින ජීවන බර සහ මානසික පීඩනය නිසාම සතුට තියෙන්නේ හුඟක් දුරින් කියන එකත් රහසක් නොවෙයි. කොහොම වුනත් ලෝක සතුටු දර්ශක වාර්තාවට අනුව නම් 2013 වර්ශයේත් අඛණ්ඩව සයවැනි වරටත් ප්‍රථම ස්ථානය දිනාගෙන සිටින්නේ පින්ලන්තය යි.


මේ විදියට සතුටු දර්ශකයේ පින්ලන්තය ප්‍රථම ස්ථානය දිනාගනිද්දි, පසුගිය වසරේ 127 වැනි ස්ථානයේ සිටි ලංකාව මේ වන විට 112 වැනි ස්ථානයට පත්වී තිබෙන බව ආරංචි වෙනවා. ඒ අනුව ලංකාව ගිය වසරට සාපේක්ෂව ලෝක සතුටු දර්ශකයේ ස්ථාන පහළොවක් පසුකරමින් ඉදිරියට ඇවිත් තිබෙනවා. සතුට කියන හැඟීම ගැන හුඟක් දෙනකුට විවිධ නිර්වචන ඉදිරිපත් කරන්නට පුළුවන් වුනත් මෙහිදී ගෝලීය වශයෙන් පොදු නිර්නායකයන් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එක් එක් රටවල ජීවත්වන්නන්ගේ සතුට ගණනය කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව යුනිසෙෆ් හී දරුවන්ට සුවසේ ජීවත් වීමට අවස්ථාව ඇති වඩාත් සුදුසු පරිසරයක් ඇති රටවල් ශ්‍රේණිගත කිරීමේදී ද පින්ලන්තය පස්වැනි ස්ථානයේ ඇති බවයි වාර්තා වන්නේ.    


ලෝක බලවතුන් දෙදෙනකු වන චීනය සහ අමෙරිකාව යන රටවල් දෙකෙන් චීනයට වඩා අමෙරිකාව සතුටින් ඇති බව වාර්තා වෙන අතර පසුගිය වසරට සාපේක්ෂව යුරෝපීය රටවල් කිහිපයක්ම තමන් හිමිකරගෙන තිබූ ස්ථානවලින් ස්ථාන කිහිපයක් පිටුපසට ගොස් තිබෙන බවත් වාර්තා වෙනවා.

නයනා උදයංගනී


 

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

Realted Post

Leave a comment