පෙම්වතිය ඝාතනය කර කෑලි කපා ශීතකරණයේ දැමූ ඉන්දියානු පෙම්වතා

 

තෙවසරක ප්‍රේමයක අවසානය මරණයේ ඉරණමින් අවසන් වනබව ඇය කිසිසේත් විශ්වාස නොකරන්න ඇති. 


එහෙත් වසර තුනක් තමා සමග එකට වාසය කළ සිය පෙම්වතිය පෙම්වතා විසින් ඝාතනය කර ඇති පුවතක් දිල්ලි බිබීසි පුවත් ඇසුරින් වාර්තා වේ.

 


එහි තවත් හද සසල වන කාරණය වන්නේ පෙම්වතා විසින් ඝාතනය කළ 27 හැවිරිදි තරුණියගේ දේහය ඔහු විසින් කෑලි දුසිම් ගණනකට කපා ඒවා නිවසේ ශීතකරණයේ ගබඩාකර තිබීමයි. එමෙන්ම ඔහු ඇයගේ සිරුරේ කොටස් එම නගරයේ විවිධ ප්‍රදේශවල තැනින් තැන දමාගිය බවටද චෝදනා එල්ල වී ඇත. 


පුනේවාලා නම් මෙම තරුණයා මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර තවමත් ඔහු එම වරද පිළිගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ. ඔහු පවසන්නේ ඔහුට විරුද්ධව යන මේ තොරතුරු නිවැරදි නොවන බවත් පොලිස් පරීක්ෂණවලට තමාගේ සම්පූර්ණ සහයෝගය දෙන බවත්ය.
 


කෙසේ නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර, ඒ නිසාම මෙහි නව බියජනක තොරතුරු දිනපතා ඉන්දියානු ප්‍රධාන පුවත් මවන හේතුවක් වී තිබේ. මෙම අපරාධය මාධ්‍ය මඟින් "the fridge murder" ලෙස නම්කර තිබේ. ඉන්දීයාව තුළ මෙම ඝාතනයට දැඩි විරෝධයක එල්ල වී තිබෙන නිසාම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළින් මේ පිළිබඳ අලුත් තොරතුරු සෑම මිනිත්තු කිහිපයකට වරක් ප්‍රකාශ කරන බවක්ද දක්නට ලැබේ. මේ වන විට දිල්ලි පොලිසිය විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. 

නයනා උදයංගනී 


 

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Next

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

Realted Post

Leave a comment