බොලිවුඩ් සිනමාවේ රජු ආසියාවේ ධනවත්ම නලුවා...........

බොලිවුඩ් සිනමාවේ ඔටුනු පලන් රජු ලෙස විරුදාවලි ලත් ෂාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නලුවා බවට නවතම ශ්‍රේණිගත කිරිම් අනුව නම්කර තිබෙනවා. ඒ වගේම ඔහු ලොව ධනවත්ම නළුවන් අතර සිවුවැනි ස්ථානයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

පසුගිය දා නිකුත් කර ඇති ලොව ධනවත්ම නළුවන් දසදෙනාගේ ලැයිස්තුවට අනුව ෂාරුක් ඛාන් අමෙරිකානු ඩොලර් මිලියන 770ක වත්කමකට හිමිකම් කියමින් සිවුවැනි තැනට පත්ව සිටින බව වාර්තා වෙනවා.

ඇමෙරිකාවේ ප්‍රහසන නළුවන් දෙදෙනකු වන ජෙරී සෙයින්ෆෙල්ඩ් සහ ටයිලර් පෙරී එම ලැයිස්තුවේ පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවන අතර, ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන දහසක් බැගින් වන බව වැඩිදුරටත් වාර්තා වන අතර ඇමෙරිකාවේ තවත් සුපිරි නළුවකු වන ඩ්වේන් ජොන්සන් ඩොලර් මිලියන 800ක වත්කමකට හිමිකම් කියමින් තුන්වැනි තැන පසුවෙනවා.

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Previous

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment