භයානක ලෙස ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්...?

 

භයානක සමාජ රෝගයක් වූ ඒඩ්ස් රෝගය මේ වන විටත් සීග්‍රලෙස පැතිර යන බව ගාල්ල මහ මෝදර රෝහලේ ලිංගාස්ත්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනී දර්ශනී විජේවික්‍රම මහත්මිය පවසයි. එපමණක් නොව ගාල්ල දිස්ත්‍රික්කය තුල එච්.අයි.වී ආසාදිතයින්ගේ අතිශය ඉහල යාමක් පවතින බවට දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන්ද කලබලයට පත්ව ඇති බව සඳහන් වේ. 


ඒ අනුව දෙදහස් විසි එක වර්ෂයේ මහමෝදර රෝහලේ ඒඩ්ස් රෝගය ආසාදනය වී ඇති ආසාදිතයින් විසි පස් දෙනකු සහ දෙදහස් විසි දෙක වසර තුල ආසාදිතයින් තිස් හය දෙනකු හඳුනාගෙන ඇති බව පැවසේ. එම පිරිසගෙන් වැඩි දෙදෙන් වයස අවුරුදු විස්සට වැඩි පිරිමින් වන අතර, මෙම රෝගය වැලදී තවමත් හඳුනාගෙන නොමැති රෝගීන්ද සිටින බව විජේවික්‍රම මහත්මිය පවසයි.


මේ වන විටත් මෙම සමාජ රෝගය භයානක ලෙස පැතිර යමින් තිබෙන අතර, 1986 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ලංකාවෙන් හමුවූ පළමු ආසාදිතයාගේ සිට මේ දක්වා හඳුනාගෙන සිටින මු`ඵ ආසාදිතයින් සංඛ්‍යාව හාර දහස් අටසිය තිස් එකක් දක්වා ඉහළ ගිහින් ඇත. ඒ අතරින් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා රෝගීන් හාරසිය විසි හතක් වාර්තා වී ඇති බවද සඳහන් වේ.  

නයනා උදයංගනී


 

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Previous

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment