මධුවිත ටිකක් තොලගාන ගමන් කටගැස්මට නියඟලා කාලා....?

ඇහෙද්දිත් මේ කතාව කෙනෙක්ට විහිලුවක් වගේ දැනුනත්,    සත්‍ය වශයෙන් ම සිදුවී ඇති මේ පුවත අනාවරණය වෙන්නේ අක්මීමන, කපුහෙම්පල ප්‍රදේශයෙන්. 

නියඟලා අල කෑවොත් මැරෙන්න වෙනවා කියන එක අපේ සමාජයේ හුඟක් දෙනෙක් දන්න කාරණයන්. නමුත් අවාසනාවකට දැන දැනම ඒවා ආහාරයට අරගෙන කපුහෙම්පල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

කෙසේ නමුත් මේ පුද්ගලයා මධුවිත පානය කරන ගමන් කටගැස්ම සඳහා නියඟලා අල ආහාරයට ගෙන ඇති බවයි තහවරු කරගෙන තිබෙන්නේ.
මියගිය තැනැත්තා තිදරු පියකු බවද වාර්තා වෙන අතර නියඟලා අල කෑමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණය සිදුවී ඇතිබව මරණ පරීක්ෂණයෙන් තහවුරු කරගෙන ඇත.

නයනා උදයංගනී

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment