රටවල් එකසිය නවයක ‘මංකි පොක්ස්’

ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන මංකි පොක්ස් වසංගතය මේ වන විට අපේ රටටද පැමිණ තිබේ.

අද වන විට එය අපේ රටත් ඇතුළුව රටවල් එකසිය නවයක ව්‍යාප්ත වී ඇති බව අනාවරණය වී ඇත. ඒ අතරින් ලෝකය පුරා මංකි පොක්ස් ආසාදිත පුද්ගලයින් ගණන 78,000කට ආසන්න බව වාර්තා වී ඇත. මෙම වසංගතය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනකු පසුගිය දිනවල අපේ රටෙන්ද වාර්තා වී තිබූ නිසා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මඟින් මහජනතාව දැනුවත් කිරීම්ද සිදු කෙරිණි.

මෙම රෝගය ව්‍යාප්තවීම සිදුවන්නේ රෝගය ආසාදනය වූ අයෙකු සමග සමීප ඇසුරක් පැවැත්වීමෙන් බව ස`දහන් වන අතර, එයින් නිරෝගී පුද්ගලයකුගේ සිරුරට වෛරසය ආසාදනය වේ. එමෙන්ම රෝගය ආසාදනය වී ඇති පුද්ගලයා මෑතකදී භාවිතයට ගත් ඇ`ද ඇතිරිලි සහ ඇ`දුම් වැනි දේවල්වලත් වෛරසය අඩංගු වී තිබිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රෝග ලක්ෂණ ලෙස බිබිලි හා තුවාල හටගැනීම, උණ, වසා ගැටිති ඉදිමීම, සිරුරේ දැඩි වේදනාව, මස්පි`ඩු වේදනාව වැනි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. මෙම රෝගය වැලඳුණු අයෙකුට ඇතිවී තිබෙන කුෂ්ඨ සියල්ල සුවපත් වී ඒවායින් ඇතිවන කබොලූ සියල්ලම ඉවත්වී සුව වනතෙක්ම මංකි පොක්ස් ආසාදිතයෙකුට රෝග වාහකයෙක- වීමේ හැකියාව පවතී.

                     නයනා උදයංගනී                    

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’ Read Next

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

Realted Post

Leave a comment