ලොව මවිත කරන සොයා ගැනීමක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්...

 

වසර දහයක් තිස්සේ සිදුකල පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදියට ලෝකයට වැදගත් නව සොයා ගැනීමක් සිදු කිරීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. ඒ භෞතික ලෝකයට අලුත්ම වෙනසක් කරන්නට පු`ඵවන් සුපිරි සන්නායකයක් සොයාගැනීමෙන්.


මේ නව සොයා ගැනීම සිදුකිරීමට සමත්ව තිබෙන්නේ අමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් බව අමෙරිකානු නිව් සයන්ටිස් විද්‍යා සඟරාව ප්‍රකාශකර තිබෙනවා.


අලුතින් සොයාගත් මේ නව නිර්මාණයේ විශේෂත්වය ලෙස ඔවුන් පෙනුවා දෙන්නේ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේදී පාවෙමින් ඝර්ෂණය නොවී, එක් ස්ථානයක සිට ශක්තිය වැයනොකර විදුලිය ගෙන යාමට ඇති හැකියාව බවයි. 


ඒ වගේම පීඩන භෞතික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මහාචාර්ය රංග ඩයස් හාවඩ් සරසවියේ පර්යේෂණවල කටයුතු කරමින් සිට ඇති අතර මේ වන විට රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන බව සඳහන් වෙනවා. 


මේ විශ්මිත නිර්මාණය සොයාගත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඉන්සුව භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන තිබෙන්නේ වොෂින්ටන් සරසවියෙන් බවයි සඳහන් වන්නේ.
කොහොම වුනත් ලෝකයේ පිළිගත් විද්‍යාඥයකු වූ මේ මහාචාර්යවරයා ශ්‍රී ලාංකිකයෙකු වීම අපේ රටට අභිමානයක් වගේම කීර්තියක් එක් කරනවා.

නයනා උදයංගනී 


 

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් Read Next

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම්

Realted Post

Leave a comment