ලොව වයස්ගතම සුනඛයා උපන්දිනය සමරයි

ලොව වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන 31 වැනි වියේ පසුවන බොබී එයාගේ හිමිකරු සමග උපන්දිනය සමරා ඇති පුවතක් මධ්‍යම පෘතුගාලයෙන් වාර්තා වෙයි. 1992 මැයි මස 11 වැනි දින උපත ලැබූ බොබීගේ උපන්දිනය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබූ අතර, එහිදී සාම්ප‍්‍රදායික පෘතුග‍්‍රීසි උපන්දිනයක් සරමනු ලැබුවා. එම සාදය සදහා සියයට අධික පිරිසක් සහභාගි වී ඇතිබවද ආරංචියි.

කෙසේ නමුත් මීට මාස කිහිපයකට කලින් ලොව වයස්ගතම සුනඛයා ලෙස බොබීව ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කිරීමට බොබීගේ හිමිකරුට හැකියාව ලැබී තිබෙනවා.

බොබී මෙලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්වන විට මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ වයස අවුරුදු 29යි මාස මාස 5දී මිය ගිය ඕස්ටෙ‍්‍රලියානු සුනඛයෙකි.

සාමාන්‍යයෙන් සුනඛයකුගේ ආයු කාලය වයස අවුරුදු 12 ත් -14 ක් වුවත් මෙම සුනඛයා ඉතා නිරෝගී ලෙස මෙලෙස ජීවත්වීමට හේතුව මිනිසුන් සමානව ආහාර ගනිමින් ඉතා යහපත් පරිසරයක ජීවත්වූ නිසා බව බොබීගේ හිමිකරු පවසයි.


නයනා උදයංගනී

 

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Next

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

Realted Post

Leave a comment