ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩක පේලේ ජීවත ගමනට සමුදෙයි...

 

පසුගිය කාලයේදී අසනීප තත්වයෙන් පසුව සිටී ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ශූරයෙකු වූ බ්‍රසීල පාපන්දු ශූර පේලේ තම ජීවිත ගමනට සමු දී ඇත. මිය යන විට 82 වියෙහි පසුවූ ඔහු “සෑම විටම විශිෂ්ටතම ක්‍රීඩකයාටත් වඩා බොහෝ සෙයින් ඉහළින් සිටින බව” බ්‍රසීල පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබේ.


2000 වර්ෂයේදී FIFA පාපන්දු කුසලාන තරගාවලියේදී සියවසේ ක්‍රීඩකයා ලෙසින් නම්වූ ඔහු 1958, 1962, සහ 1970 වසරවලදී තුන් වතාවක් ලෝක පාපන්දු කුසලානය හිමිකරගත් එකම ක්‍රීඩකයා බවටද පත්වීම විශේෂත්වයකි. පේලේ තමන්ගේ රට වෙනුවෙන් තරග 92කදී ගෝල 77 ක් ලබාගෙන තිබෙන අතර වසර 21 ක් වූ ඔහුගේ ක්‍රීඩා ජීවිතය තුළ තරග අවස්ථා 1363 කදී ගෝල 1281 ක් රැස්කර ගනිමින් ලෝක වාර්තාවක්ද තබා ඇත.


ඔහුගේ සමුගැනීම රටට වගේම ලෝකයේ ඔහුට ආදරට කරන මිලියන ගණනක රසිකයින්ට වේදනාවක් වනු ඇත.


පසුගිය වසර කිපිපය තුල රෝගාතූරව සිටී පේලේ වකුගඩු ආබාධයකින්ද පෙලෙමින් සිට ඇති අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔහු බඩවැල් ආශ්‍රීතව ඇති වූ පිළිකා තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔහුගේ අවමඟුල් කටයුතු ඉකුත් අඟහරුවාදා සිදුවෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


කෙසේ නමුත් මේ විශිෂ්ඨ ක්‍රීඩකයාගේ සමුගැනීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ එරට දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

නයනා උදයංගනී    


 

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment