ලෝකයම කම්පනය කරන තුර්කියේ කඳුළු ගඟ...

 

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි රික්ටර් මාපකයේ 7.8 කම්පනයකින් ගිණිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව හාර දහස් අටසියය ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ වගේම මේ භූ කම්පනය නිසා මේ වන විට පසු කම්පන 120 ක් පමණ ඇති වී ඇති බවද සඳහන් වන අතර මිය ගිය සංඛ්‍යාව දැනට මිය ගොස් සිටින සංඛ්‍යාවට වඩා අට ගුණයක් පමණ විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරයි. 

එමෙන්ම කම්පනයෙන් පසුව දකුණු තුර්කියේ සහ උතුරු සිරියානු කලාපයේ බේරා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම කම්පනය සිදු වී ඇත්තේ එරට වේලාවෙන් සවස 04.17 ට වන අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 06.47 ට පමණය. 


දෙරටේම කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදවා ගැනීමට සහන සේවකයෝ මේ වන විටත් කටයුතු කරන බව සිරියානු සෞඛ්‍ය අංශ පවසයි. ඒ වගේම ජාත්‍යන්තර සහය පතමින් තුර්කිය නිවේදනයක් නිකුත් කිරීමත් සමග ඔවුන්ට ආධාර සැපයීමට මේ වනවිට රටවල් හතළිස් පහකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටින අතර ඒක්සත් ජාතීන්ගේ සංවිධානය එහි මුල් තැන ගෙන ඇත. 


ශ්‍රී ලංකාවද තුන්සියයකට අධික සහන කණ්ඩායමක් යැවීමට කැමැත්ත පලකර තිබේ. 

නයනා උදයංගනී 


   

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post

Leave a comment