ලෝකයේ වැඩිම වාර ගණනක් කසාඳ බැඳපු කාන්තාව

 

ලෝකයේ වැඩිම වාර ගණනක් දික්කසාද වෙමින් නැවත නැවත විවාහ වූ කාන්තාවක් ගැනයි මේ සටහන.


ඒ ගැන වාර්තා වෙන්නේ අමෙරිකාවෙන්. එලෙස නැවත නැවත ජීවිත කාලය පුරා විවාහ 23ක් සිදුකරගෙන වැඩිම වාර ගණනක් දික්කසාද වෙමින් විවාහ වූ කාන්තාව ලෙස කිරුළු දරන්නේ ලින්ඩා ටේලර්. 


කොහොම වුනත් ලින්ඩා පළමු විවාහය සිදුකරගෙන තිබෙන්නේ ඇයට වයස අවුරුදු 16දීයි. ඒ වයස අවුරුදු 30 වූ ජෝර්ජ් ස්කොට් නැමති පුද්ගලයෙකු සමගයි. ඒ අනුව ඇයගේ පළමු විවාහය සිදුවන්නේ 1957 වසරේ දී බවයි සඳහන් වෙන්නේ.


වසර හතක් ජෝර්ජ් ස්කොට් සමග දීග කෑ ඇය පසුව ඔහුගෙන් දික්කසාද වී නැවත නැවත විවාහ සිදුකරගෙන තිබෙන අතර මෙතෙක් ලෝකයේ වැඩිම වාර ගණනක් විවාහ වී ඇති කාන්තාව ලෙස සැලකෙන්නේ ඇයයි. පළමු දික්කසාදයෙන් පසු ඇය 22 වතාවක් විවාහ වී ඇති බවයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් ඇගේ විවාහ් අතර කෙටිම විවාහය පැය 38ක් පමණ කාලයක් බවයි සැලකෙන්නේ. ඇය සමග අතිනත ගත් පුරුෂයන් අතර මංකොල්ලකරුවන්, දුගී දුප්පතුන්, සංගීත කරුවන් සහ සමලිංගිකයින්ද සිටිනවා.

නයනා උදයංගනී 



       
  

Social media  හදන menia Read Previous

Social media හදන menia

ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කෙරේ Read Next

ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Realted Post

Leave a comment