ලෝකයේ වැඩිම වාර ගණනක් කසාඳ බැඳපු කාන්තාව

 

ලෝකයේ වැඩිම වාර ගණනක් දික්කසාද වෙමින් නැවත නැවත විවාහ වූ කාන්තාවක් ගැනයි මේ සටහන.


ඒ ගැන වාර්තා වෙන්නේ අමෙරිකාවෙන්. එලෙස නැවත නැවත ජීවිත කාලය පුරා විවාහ 23ක් සිදුකරගෙන වැඩිම වාර ගණනක් දික්කසාද වෙමින් විවාහ වූ කාන්තාව ලෙස කිරුළු දරන්නේ ලින්ඩා ටේලර්. 


කොහොම වුනත් ලින්ඩා පළමු විවාහය සිදුකරගෙන තිබෙන්නේ ඇයට වයස අවුරුදු 16දීයි. ඒ වයස අවුරුදු 30 වූ ජෝර්ජ් ස්කොට් නැමති පුද්ගලයෙකු සමගයි. ඒ අනුව ඇයගේ පළමු විවාහය සිදුවන්නේ 1957 වසරේ දී බවයි සඳහන් වෙන්නේ.


වසර හතක් ජෝර්ජ් ස්කොට් සමග දීග කෑ ඇය පසුව ඔහුගෙන් දික්කසාද වී නැවත නැවත විවාහ සිදුකරගෙන තිබෙන අතර මෙතෙක් ලෝකයේ වැඩිම වාර ගණනක් විවාහ වී ඇති කාන්තාව ලෙස සැලකෙන්නේ ඇයයි. පළමු දික්කසාදයෙන් පසු ඇය 22 වතාවක් විවාහ වී ඇති බවයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් ඇගේ විවාහ් අතර කෙටිම විවාහය පැය 38ක් පමණ කාලයක් බවයි සැලකෙන්නේ. ඇය සමග අතිනත ගත් පුරුෂයන් අතර මංකොල්ලකරුවන්, දුගී දුප්පතුන්, සංගීත කරුවන් සහ සමලිංගිකයින්ද සිටිනවා.

නයනා උදයංගනී 



       
  

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment