වසර 92 ක පුරුෂ ලෝක ශූරතා ඉතිහාසයේ පළමු වරට කාන්තා තීරකයින්

 

FIFA ලෝක කුසලාන තරගාවලියේ තරග තීරකවරියක් ලෙස කටයුතු කිරීමට රුවන්ඩාවේ සලීමා මුකන්සංගා තේරී පත්වී තිබේ. එවැනි සිහිනයක් ඇති අනෙක් කාන්තාවන්ටත් එම ආරම්භය සතුටු දායක ආරම්භයක් වනු ඇතැයි ද ඇය සිතයි. කෙසේ නමුත් වසර අනූ දෙකක පුරුෂ ලෝක කුසලාන ඉතිහාසයක මෙවැනි තේරීමක් සිදු වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම සුවිශේෂී අවස්ථාවක් සහ හොඳ ආරම්භයක් බව පැවසිය හැකියි. 


සලීමා මුකන්සංගා ගේ වයස අවුරුදු තිස් හතරක් වන අතර ඇය ඉතා දක්ෂ කාන්තාවක් වන අතර ඇය මෙම තරගාවලියට හොඳ තේරීමක් බව සිතීමට කාරණා බොහෝමයක් තිබේ. එනම් මෙම වසර මුලදී දීර්ඝ ඉතිහාසයක් ඇති අප්‍රිකානු කුසලාන පිරිමි තරගාවලියේ තරගයක පාලනය භාරගත් පළමු කාන්තාව වීමත්,  පසුගිය වසරේ ටෝකියෝවල පැවැත්වු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තීරකවරියක් ලෙස කටයුතු කිරීමට වරම් ලැබීමත් ඇය සතු විශේෂ හැකියාවකි.


ඒ වගේම මෙවර ලෝක කුසලාන තරගාවලියට ඇය සමග තවත් පුරෝගාමී කාන්තාවන් සය දෙනකු තේරීපත්ව තිබේ. ඒ මුකන්සංගා සමග ප්‍රංශයේ ෆ්‍රැපර්ට්, ජපානයේ යමශිතා, බ්‍රසීලයේ නෙයුසා බැක්, මෙක්සිකොවේ කැරන් ඩියාස් මෙඩීනා සහ එක්සත් ජනපදයේ කැත්‍රීන් නෙස්බිට් යන තරග තීරකවරියන් ය.  ඔවුන් පවසන්නේ මෙය කාන්තාවන්ට නව අවස්ථා නිර්මාණය වීමට හොඳ ආරම්භයක් බවයි. 


මෙම කාන්තා තීරකයින් තේරීමේදී දිගු ක්‍රියාවලියක් අනුගමනය කිරීමට සිදුවී ඇතිබවත්, එහිදී වැදගත්ම කාරණය වන්නේ “ගුණාත්මක භාවය මිස ස්ත්‍රී පුරුෂ භාවය නොවන බව Fifa හි තීරක කමිටුවේ සභාපති වන පියේර්ලුයිජි කොලීනා පවසා තිබේ. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන ප්‍රධාන පෙළේ තරග සඳහා මෙලෙස කාන්තා නිලධාරිනියන් තෝරාගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වේවි යැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.


නයනා උදයංගනී    


 

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Previous

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Next

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

Realted Post

Leave a comment