විවිධ හේතු මත ඇතැම් රටවල නිදහස් උළෙල අවලංගු වෙයි... ?

 

ශ්‍රී ලංකාව ආර්ථිකයේ අවසන් අඩියටම වැටී ඇතිබව මේ වන විට රහසක් නොවේ. මේ තත්වය හමුවේ හැත්තෑ පස්වෙනි නිදහස සැමරීම නුවණට හුරු නැති බව මේ දිනවල සමාජය පුරා බොහෝ කතාබහට ලක්වී ඇත. වේලක් හරියට කන්න බොන්න නැති දරුවන් සිටින ලංකාවේ මෙවර නිදහස් උළෙල සැමරීම සඳහා වැයවන මුදල රුපියල් කෝටි තිස් හතක් බවද වාර්තා වේ. කෙසේ නමුත් මෙතරම් අමාරු කාලයක නිදහස සැමරීමට වෙර දරන මේ මොහොතේ විවිධ ගැට`ඵ නිසා නිදහස් උළෙල අවලංගු කල රටවල් කිහිපයක් ගැනද වාර්තා වේ.

 


එයින් ප්‍රධාන අවධානය හිමි වන්නේ ටැන්සානියාවටයි. එහි නිදහස් දිනය සෑම වසරකම දෙසැම්බර් 09 වනදාට යෙදී තිබුණු අතර එම රටේ ජනපති සමියා සුහුලු හසන් විසින් එම උත්සවය අවලංගු කර ඇති අතර ඒ සඳහා වැය කිරීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් 445,000 මුදල එරට ප්‍රාථමික පාසැල්වල නේවාසිකාගාර අටක් ඉදිරිකිරීමට වෙන්කර ඇති බව වාර්ථා වෙයි. 2019 වසරේ දී යුක්‍රේන නිදහස් උළෙලේ ආචාර පෙළපාලියද එලෙස අවලංගු කරඇති අතර එසේ සිදුකර ඇත්තේ ඒ සඳහා අධික මුදලක් වැයවන නිසාබව සඳහන් වේ. එලෙසම දකුණු සූඩානය සහ ආමේනියාව වැනි රටවල්ද විවිධ හේතු නිසා කිහිප වරක්ම නිදහස් උළෙල අවලංගු කර තිබූ අවස්ථා තිබුණු බවද සඳහන් වෙයි.

නයනා උදයංගනී   


 

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Previous

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment