විශ්ව රූ රැජින තරගාවලිය සංක්‍රාන්ති ලිංගික ව්‍යාපාරික කාන්තාවක් අතට

 

සංක්‍රාන්තික ලිංගික පුරවැසියන් මේ වන විටත් ලෝකය සමඟ සටන්වැද ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගෙන අවසන්ය. මේ වන විටත් ඔවුන් සාමාන්‍ය පුරවැසියන් සේ සමාජගතව සිටින බවට හොඳම උදාහරණය වන්නේ මුළු ලෝකයෙන්ම සුරූපිනිය තෝරන විශ්ව රූ රැජින තරගාවලිය මේවන විට  සංක්‍රාන්තික ව්‍යාපාරික කාන්තාවක් අතට පත් වී තිබීමයි. එයින් හැඟෙන්නේ මේ වන විටත් ලෝකයේ ඔවුන්ට නිසි ගෞරවය ලැබෙමින් පවතින බවයි. 


වසර හැත්තෑ එකක ඉතිහාසය තුළ විශ්ව රූ රැජින තරගයට හිමිකම් කී පළමු කාන්තාව බවට පත්වෙමින් Anne Jakkapong Jakrajutatip නම් තායිලන්ත ව්‍යාපාරික කාන්තාව විසින් විශ්ව රූ රැජින සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට මිලදීගෙන ඇත. ඇය තායිලන්තයේ මාධ්‍ය සමාගමක් වන JKN Global Group හි ප්‍රධාන විධායක නිලධාරිනියද වේ. විශ්ව රූ රැජින සංවිධානය මෙලෙස අත්පත්කර ගැනීම පිළිබඳ ඇය පවසන්නේ එය ඔවුන්ගේ ව්‍යාපාර සමූහයට ශක්තිමත්, උපාය මාර්ගයක් එකතු කිරීමක් බවයි. 


එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය ඒ පිළිබඳ වැඩිදුරටත් ප්‍රකාශ කළේ “විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ සම්ප්‍රදායන්ට අනුව ජීවත්වන අය වෙනුවෙන් වේදිකාවක් සැපයීමේ උරුමය දිගටම පවත්වාගෙන යාමට පමණක් නොව, ඊළඟ පරම්පරාව උදෙසා සන්නාමය පරිණාමය කිරීමටද උත්සාහ කරන බවයි.  
නයනා උදයංගනී            

සිරිකත කුස්සියේ රහස් Read Previous

සිරිකත කුස්සියේ රහස්

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’ Read Next

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’

Realted Post

Leave a comment