විශ්ව රූ රැජිනගේ ඇඳුමේ සැඟවුණු රහස...

 

මෙවර විශ්ව රූ රැජින තරගයේ කිරුළ හිමිකර ගත්තේ තායිලන්තයේ ඇනා සුඑන්ග්ආම් ය (Anna Sueangam-iam) විශ්ව රූ රුජින ලෙස ඇය මෙවර කා අතරත් විශේෂ අවධානයට සහ කතාබහට ලක්වූයේ ඇය ඇඳගෙන සිටි විශේෂ ඇඳුම නිසාය. ඒ එම ඇඳුම වටා අපූරු රහසක් සැඟව තිබීම නිසයි. සුදු පැහැති දියමන්ති ආකාරයට දිස්වෙන මෙම ගවුම නිර්මාණය කර තිබුණේ ඉවතලන බීම කෑන්වල ඇති ඇලුමිනියම් පුල් ටැබ්ස් සහ ස්වරොව්ස්කි ස්ඵටිකවල (swarovski crystal) එකතුවෙනි.

 


කසල සඳහා ඉවතලන මෙම ද්‍රව්‍ය පාවිච්චි කර ඇය තම ඇඳුම නිර්මාණය කිරීමට විශේෂ හේතුවක් තිබිණි. එනම් ඇයගේ පියා කසල එකතු කරන්නෙක් සහ මව පාරවල් පිරිසුදු කරන රැකියාවක් කරමින් තමන්ව කුඩා කාලයේ රැකගෙන ඇති නිසා මවුපියන්ට උපහාරයක් පිණිස ඇය මෙවැනි ඇඳුමකින් සැරසී ඇත. මේ හේතුව නිසා ඇයව කසල රැජින ලෙස විවිධ තැන්වලදී හඳුන්වා තිබුණත් ඇයගේ වටිනාකමේ සහ දීප්තියේ නම් අඩුවක් සිදුවී නැත. ඒ හේතුව පමණක් නොව මෙවැනි ඇඳුම් නිර්මාණයකින් රැකියා සමානත්වය සහ පරිසර දූෂණය අවම කර නව සංකල්ප බිහිකිරීමට අවස්ථාව උදාකරවීමද ඇගේ අරමුණ වී තිබිණි. කෙසේ නමුත් එයින් ඇය රූපයෙන් වගේම උසස් හදවතකින්ද සුන්දර යුවතියක් ලෙස තව තවත් සමාජ පිළිගැනීමට පාත්‍ර වී ඇති බව දක්නට ලැබේ. 

නයනා උදයංගනී 


  

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment