වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙන් ඇසුණු ‘අනාගතයේ..........’

 

 

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුමට සහ මහා බි්‍රතාන්‍යයත් ශ්‍රී ලංකාවත් අතර පවතින දිගු කාලීන සබඳතාව සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් විසින් සිංහල ගීතයක් ඉදිරිපත් කර තිබේ. 


ඔවුන් දෙදෙනා එම ගීතය ඉදිරිපත් කර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මෙහෙය තුළදීවීම විශේෂත්වයක් මෙන්ම අප රටට ආඩම්බරයකි.

 


මෙම උත්සවය සඳහා තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසවද සහභාගි වී ඇති බව සඳහන් වේ. එම අවස්ථාවේ පැවති දේවමෙහෙයේදී තෙවැනි චාල්ස් රජු විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය දින පණිවිඩය ප්‍රකාශයට පත්කර ඇත. 


වායෝ සංගීත කණ්ඩායමේ ඉතා ජනප්‍රිය ගීතයක් වන ‘අනාගතයේ’ ගීතය මෙලෙස ඇබේ දේවස්ථානය තුළදී ගායනා කර ඇත්තේ රොෂානි ඇබී සහ නුවන් පෙරේරා යන කලාකරුවන් දෙදෙනාය. 

  
නයනා උදයංගනී


 

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

ද යූත්ක්වේක් Read Next

ද යූත්ක්වේක්

Realted Post

Leave a comment