ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමෙන් තර්ජනී සමුගනී...?

ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙනදුන් ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන තර්ජනී ශිවලිංගම් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සමුගැනීම පිලිබඳ හැගුම්බර සටහනක් ඇය සිය  නිල ෆේස්බුක් පිටුවෙහි සටහන් කර තිබුණේ මෙලෙසිනි.

"ස්තූතියි ශ්‍රී ලංකාව,
මා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම පිලිබඳව නිල වශයෙන් ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් මගේ ක්‍රීඩා ජීවිතය විදෙස්ගතව දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරමි.
මම මේ තීරණය ගත්තේ දැඩි හදවතකින්. කෙසේ වෙතත්, මම තීරණය ගෙන ඇත්තේ සුදුසුම කාලයේ බව මට හැඟේ. 
මෙම විශ්‍රාම ගැනීම පිළිබඳ නිල වශයෙන්  දැනුම් දීමත් සමඟ මගේ ආදරණීය ලංකා සගයන් සමඟ මා බෙදාගත් ප්‍රීතිය කිසිදා අමතක නොකරමි.
ජෙනී"
 

සටහන - නයනා උදයංගනී

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment